Friday, June 1, 2012

රුපියල් 1100ක් අනූනවයෙන් බේරා ගතිමි.



ගිය ඉරිදා මගුල් ගෙදරකට සහභාගි වෙන්න අනුරාධපුරේ යන්න සිද්ද වුනා. හැමෝම පුත්තලම පාරෙ යන එක හොදයි කියපු නිසා මමත් ඒ පැත්තෙන්ම ගියා. පාර හොද වගේම රාලහාමිලත් හැමතැනම ඉන්නව කියල කියපු නිසා හොදට පරිස්සමින් තමයි ගියේ.


ඔන්න පුත්තලම පහුවෙලා සැතපුම් 10ක් විතර ගියාට පස්සෙ එක පාරටම වෑන් එකක් ඇවිත් මාව ඉස්සර කරගෙන ගියා. මමත් ඉතින් වෑන් එක පස්සෙන් අරල දාල යන්න පටන් ගත්ත, වැඩිය නෙමෙයි වේගය 80යි. ටික දුරක් යනකොට කොහොමහරි වෑන් එක මාව මග ඇරල ඉස්සරහටම ගියා. කොහොම හරි මමත් දන්නෙම නැතිව ටිකක් හයියෙන් ඇවිල්ල.

මෙන්න බොලේ එකපාරටම රාලහාමි කෙනෙක් පාරට පැනල මාව නැවැත්තුව. වේගය 77යි.

මම: මම ඉතින් 70 අවට තමයි ආවෙ.


රාලහාමි: මහත්තයල කොහේ ඉදන්ද එන්නෙ?
මම: අපි මාතර ඉදන්.

රාලහාමි දෙමලද කොහෙද, කැඩිච්ච සිංහලෙන් කතා කලේ.

රාලහාමි: මහත්තය මොකද කරන්නෙ?
මම: ලියන්න රාලහාමි.

මොකද කරන්නෙ කියල සාමාන්‍ය‍යෙන් අහන්නෙ ලියන්නද, පගාවක් දෙනවද කියන එකනෙ. මම ඉරිද අනුරාධපුරේ ගිහින් සදුද එන්න හිටියෙ. ඉතින් දඩයක් ලියුවත් මට සදුදට ගෙවන්න පුලුවන් නිසා මම බය නැතිව හිටියෙ. 

රාලහාමි: නෑ මම ඇහුවෙ මහත්තයගෙ රස්සාව.
මම: ආ මම ඉංජිනේරුවෙක්.

රාලහාමි: කමක් නෑ මහත්තයො ගිහින් එන්න.

මම ආපහු එනකොටත් කට්ටිය එතනම ඉදන් වැඩ.



ප.ලි.: සමහර රටවලනම් 10%ක නිරවද්‍යතාවයකට ඉඩදෙනව මේවගේ වෙලාවලදි, මොකද පොලිසිය ගාව තියන මීටරය වැරදි වෙන්නත් පුලුවන් පොඩ්ඩක් විතර, ඒ වගේම කර් එකේ මීටරයත්. ලංකාවෙ නම් නීතිය කොහොමද දන්නෙ නෑ.

Image Source: http://desktopwallpaper-s.com/19/-/Intel_Core_i7_high_speed/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. බුද්ධිමත්ව කටයුතු කල නිසා බේරිලා තියනව.

    ReplyDelete
  2. රාලහාමි අහිංසක මර්සියෙන් ගාණ කපන්ඩ හදලා තියෙන්නේ.යන්ඩ කියපුවහම ඔයා සල්ලි දෙයි කියලා හිතන්ඩ ඇති.
    අනිවා මෑන් තවම ඔයාගේ පතූරැ අරිනවා

    ReplyDelete

Share/Bookmark

Recent Comments