Sunday, December 26, 2010

තේරවිල්ල - පිලිතුර

ඔන්න දැන් කියන්න යන්නෙ දවස් දෙකකට කලින් මම අහපු තේරවිල්ලෙ උත්තරය. ප්‍රතිචාරනම් හොදටම මදි. ඒත් ඉතින් උත්තරය කියන්න එපයි.

මම ඇහුවෙ කටු නැති කැලේ ඉන්න ඇට නැති සතා කවුද කියලනෙ. මුලින්ම දැන ගන්න එපයි කටු නැති කැලේ මොකක්ද කියල. ඒක තමයි අපේ කොන්ඩය. නැත්නම් හිස කෙස්. ඉතින් ඔලුවෙ ඉන්න ඇට නැති සතා තමයි උකුනා.

මම හිතන්නෙ මේ තේරවිල්ල ලගදි නිර්මානය වෙච්ච එකක්. මොකද අපි පුංචි කාලෙදි මේක අහල නෑ. හුග දෙනෙක් පිලිතුරු නොදෙන්න හේතුවත් ඒක කියල හිතනව. කොහොම උනත් දැන් කවුරු කවුරුත් අලුත් දෙයක් දැන ගත්තනෙ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

1 comment:

  1. අහ්. මම ඔයාගෙ තේරවිල්ල දැක්කෙ නෑනෙ. මම ඕක අහල තිබෙනවා. උත්තරයත් දැනන් හිටියා. :)
    කොච්චර කාලයක්ද නම් දන්නෙ නෑ, මම හිතන්නෙ ඕක වසර 10ක්වත් පැරණි ඇති.

    ReplyDelete

Share/Bookmark

Recent Comments