Tuesday, December 7, 2010

ඔන්න මම පියාබනවා...


Flying without wings, originally uploaded by vidulahasaranga.


මේ පනින්නෙ මම නම් නෙමෙයි. මගේ යාලුවෙක්. කැමරා එකේ බ්‍රස්ට් මූඩ් (Brust Mood) දාල යන්තම් ගත්තු පිංතූරයක් තමයි මේ.

පසුගිය දවසක අපි පාසිකුඩා වෙරලට ගියා. ලංකාවෙ තියන ලස්සනම වෙරලක් තමයි පාසිකුඩා. නිල් පාට දිය තලය. පොඩි රැල්ලක් වත් නෑ. මූද ඇතුලත මීටර 100 විතර ගියාමත් වතුර තියෙන්නෙ බෙල්ල ගාවට විතරයි. හරියට පිහිනුම් තටාකයක් වගේ.

පාසිකුඩා පිහිටල තියෙන්නෙ නැගෙනහිර වෙරල තීරයේ මඩකලපුවට ටිකක් විතර උඩින්. කඩදාසි වලට ප්‍රසිද්ධ වාලච්චේන නගරයට කිට්ටුව. කොලඹ ඉදන් යනවනම් කුරුනෑගල, හබරන, පොලොන්නරුව හරහා යන එක තමයි ලගම.

පාසිකුඩා යනවනම් පාන්දරම වෙරලට යන්න බලාගෙන යන එක තමයි සුදුසු. නිවාඩු දවසක දහවල් වෙනකොට කිට්ටු කරන්නවත් බැරිතරම් සෙනගක් එනව මෙතනට. උදෑසන හිරු නගින ලස්සන දර්ශනයත් මෙතනදි බලාගන්න පුලුවන්.

නෑමට අමතරව පොඩි බෝට්ටු ට්‍රිප් එකකුත් යන්න පුලුවන් මෙතැනදි. ඒකටනම් ටිකක් වියදම් වෙනව. බෝට්ටුවක ගෙනියන්නෙ උපරිම 6 දෙනයි. ඈතින් පෙනෙන ගල ගාවට යන්න රුපියල් 1200 ගන්නව මතක හැටියට. හැබැයි ගල උඩ නැගල පින්තූර ගන්න ඕනනම් තව 400යි :D

අවසාන වශයෙන් පොඩි දැනුවත් කිරීමකුත් කරන්න ඕන. ඒ තමයි පොලිතීන් ගෙනිහින් පාසිකුඩා වෙරල අපවිත්‍ර නොකරන්න කියල.

ඉවරයි....





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

1 comment:

Share/Bookmark

Recent Comments