Thursday, November 20, 2008

මූලික(Top) සුපිරි පරිගනක 500

නිකන් ඉන්නකොට එක එක අදහස් පහල වෙනවනේ. ඉතින් මට හිතුන ලෝකයේ සුපිරි පරිගනක භාවිතා කරන රටවල් සහ ඒවායේ තියන මෙහෙයුම් පද්ධති ගැන සොයා බලන්න. (නිකන් ඉන්න බැරුවට කරන වැඩ නේද...)

මම ඉතින් ගූගල් එකේ හොයනකොට හොද සයිට් එකක් හම්බවුනා. ඒකෙන් තමයි මේ තියන ඔක්කොම ඒව හොයාගත්තෙ. ඉතින් මේකෙ තියෙන්නෙ ප්‍රධානතම සුපිරි පරිගනක 500 ගැන. පුදුමයක් නොවන දේ තමයි මේවායින් බාගයකටත් වඩා ඇමෙරිකාවෙ තියන එක. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවෙත් සුපිරි පරිගනක 500 න් 8 ක්ම තියනවා. කාටද ආඩම්බර....

මේවිදිහට තමයි සුපිරි පරිගනක ටිය ලෝකයපුරා විහිදිලා තියෙන්නෙ (2008 නොවැම්බර් වෙනකොට...)



































































































































































































රටඑකතුවප්‍රතිශතය %
ඕස්ට්‍රේලියාව 1 0.20 %
බෙල්ජියම 2 0.40 %
බ්‍රසීලය 2 0.40 %
බල්ගේරියාව 1 0.20 %
කැනඩාව 2 0.40 %
චීනය 15 3.00 %
ඩෙන්මාකය 3 0.60 %
පින්ලන්තය 1 0.20 %
ප්‍රංශය 26 5.20 %
ජර්මනිය 25 5.00 %
ඉන්දියාව 8 1.60 %
අයර්ලන්තය 1 0.20 %
ඊශ්‍රායලය 1 0.20 %
ඉතාලිය 11 2.20 %
ජපානය 18 3.60 %
දකුනු කොරියාව 1 0.20 %
මැලේසියාව 1 0.20 %
මෙක්සිකෝව 1 0.20 %
නෙදර්ලන්තය 3 0.60 %
නවසීලන්තය 4 0.80 %
නෝර්වේ 2 0.40 %
පෝලන්තය 6 1.20 %
රුසියාව 8 1.60 %
සොල්වේනියාව 1 0.20 %
දකුනු අප්‍රිකාව 1 0.20 %
ස්පාන්‍යයය 6 1.20 %
ස්වීඩනය 8 1.60 %
ස්විට්සර්ලන්තය 4 0.80 %
තායිවානය 2 0.40 %
එක්සත් රාජධානිය 45 9.00 %
ඇමෙරිකා එක්සත් ජනපදය 290 58.00 %
මුළු ගනන500100%



දැන් තමයි හොදම කොටස. මොනවද මේ සුපිරි පරිගනක භාවිතා කරන මෙහෙයුම් පද්ධති. වින්ඩෝස් කැලේ. 1% පාවිච්චි කරන්නෙ. ඒකට ලිනක්ස් 87% කටත් වැඩියෙන් පාවිච්චි කරනව. පුදුමද? අනේ මන්ද.... බලන්නකො විස්තරේ...












මෙහෙයුම් පද්ධති පවුලඑකතුවප්‍රතිශතය %
ලිනක්ස්43987.80 %
වින්ඩෝස්51.00 %
යුනික්ස්234.60 %
BSD මත පදනම් වූ10.20 %
මිශ්‍ර316.20 %
මැක් මෙහෙයුම් පද්ධති10.20 %
මුළු ගනන500100%




විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, November 13, 2008

ඔබාමාගේ ජනධිපතිත්වය නිසා ඇතිවියහැකි අභියෝග...

මේ රූපය බලල මට බනින්න එහෙමනම් එපා මිනිස්සුන්ගෙ නම කැත කරනව කියල. මේක මට විද්යුත් තැපෑලෙන් අද ලැබුනෙ. තියන විනෝදවත් බව නිසාම පලකරන්න හිතුනා.


...


...


...


...


...


...


...


...


...


...





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, November 9, 2008

මම මියා... (Film MAMA MIA)

movie poster

මේ සටහන ලියන්න පටන් අරගෙන හුග දවසක් වෙනව, ඒත් ඉවර කරන්න බැරිවුනා. කොහොම හරි අද ඉවරකළා.

කාලෙකට පස්සෙ නියම චිත්‍රපටයක් බැලුවා. MC හෝල් එකට ගියේනම් කලින් හිතල එහෙම නෙමෙයි. ඒත් වැරදිලා හරි බලපු ෆිල්ම් එකනම් නියමයි.

මේක අපි කවුරුත් 70 දශකයේදි දැකපු, අහපු ABBA සංගීත කණ්ඩායමේ ගීත යොදල හදපු චිත්‍රපටයක්. හැබැයි මුල ඉදන් අගට යනකම් මාරම මාර ජොලි.

ෆිල්ම් එක බලන්න යනවනම් යන්න ඕන ෆුල් ජොලි කරන්න බලාගෙන. මම සාමාන්යයෙන් මේවගේ ෆිල්ම් බලන්නෙ නෑ. ඒත් මේක ස්ංගීතමය ෆිල්ම් එකක් නිසාද මන්දා මම පුදුම විදිහට රසවින්දා.

කතාව සැකවින් කියනවනම් මෙහෙමයි.

සොෆියා ලගදි විවාහ වෙන්න යනව. එයාට ඕන එයාගෙ තාත්තා විවාහයට ගෙන්නගන්න. හැබැයි තාත්ත ගැන අම්ම කිසිදෙයක් කියල නෑ. ඉතින් අම්මගෙ දිනපොතෙන් සොෆිය එයාගෙ තාත්ත වෙන්න පුලුවන් තුන්දෙනෙක් ගැන හොයගන්නව. ඇත්තටම සොෆියාගෙ අම්මවත් හරියටම දන්නෙ නෑ මේ අයගෙන් සොෆියාගෙ තාත්ත කවුද කියල. ඉතින් සොෆියාගෙ ආරාධනාව මත මේ තුන්දෙනාම විවාහයට සහභාගි වෙන්න එනව.

ඉතින් ඉතුරුටික ෆිල්ම් එක බලලම ධැනගන්න එක හොදයි. නැත්නම් කිසිම රසයක් නෑනෙ...


ABBA is posing on the same photo 2008; they haven't done that since 1986! From left to right Benny Andersson (ABBA), Pierce Brosnan (Sam), Amanda Seyfried (Sophie), Meryl Streep (Donna), Agnetha Fältskog (ABBA), Frida Lyngstad (ABBA), Christine Baranski (Tanya), Colin Firth (Harry), Catherine Johnson (writer), Phyllida Lloyd (director), Judy Craymer (producer), Björn Ulvaeus (ABBA) and Dominic Cooper (Sky).

--
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, November 5, 2008

වින්ඩෝස් 3.x ගේ අවසානය.



මතකද වින්ඩෝස් 3.0 මෙහෙයුම් පද්ධතිය? මුල්ම වින්ඩෝස් වර්ගයේ GUI සහිත මෙහෙයුම් පද්ධතිය.මටනම් තාමත් මතකයි DOS වල ඉදන් Windows වලට මාරු වෙච්ච හැටි. (මටනම් පරිගනකයක් තිබුනනෑ ඒකාලෙ, ඒවුනාට මගේ යහලුවො කිහිප දෙනෙකුට තිබුන).

ඔන්න ඉතින් දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 3.x වල සියලුම කටයුතු නවත්තල දාල. 1990 මැයි මාසෙ ඉදන් නිකුත් කරපු වින්ඩෝස් 3.x ලයිසන නිකුත් කිරීම 2008 නොවැම්බර් 1 වැනිදා ඉදන් නවත්තල තියනව.

ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ වින්ඩෝස් 3.x වලට Good Bye කියන්න විතරයි. හැබෑවටම මේක එක්තරා වංශකතාවක අවසානයක්...

කරුනු හොයාගත්තෙ BBC යෙන්

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, November 4, 2008

පස් නිවුන් දරුවන්...


2004 දී උපත ලැබූ තිසලි, සයුම්, සත්මි, සතිරා, සදීප කියන පස් නිවුන් දරුවො තමයි මේ එකම මේසයෙ වාඩිවෙලා කෑම කන්නෙ. දැන් අවුරුදු හතරක් නෙ. පිංතුරය උපුට ගත්තෙ ලංකදීප පත්තරෙන්.

දැක්කම ආස හිතෙනව නේද???

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, October 28, 2008

Why Sri Lankans play cricket and Tigers don't


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, October 25, 2008

ප්‍රෙමසිරි කේමදාස


කේමදාසයනුත් අපෙන් වියෝ වෙලා ගියා. තව කලක් ජීවත් වෙන්න ඕන මිනිස්සු ඉක්මනටම මැරෙන එක කොච්චර අපරාදයක්ද...

මම ඔපෙරා සංගීතයට ආස කරන්න පටන් ගත්තෙ මාස්ටර් නිසා. අපි කොච්චර චිත්‍රපට, නාට්යය එහෙම රසවිදල තියනවඩ මාස්ටර්ගෙ සංගීතය නිසා.

නිධානය, ගොලුහදවත, දඩුබස්නාමානය, වෙද හාමිනේ, මානස විල.... ඒ ඉතාම ස්වල්පයක් විතරයි. කොහොම උනත් මේක රටට දැරිය නොහැකි පාඩුවක් කියල තමඉ මම හිතන්නෙ සංගීතය පැත්තෙන්.

කේමදාස මාස්ටර් නැවතත් අපි අතරම ඉපදේවා කියල තමයි මම නම් ප්‍රාර්තනා කරන්නෙ.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments