Wednesday, November 5, 2008

වින්ඩෝස් 3.x ගේ අවසානය.



මතකද වින්ඩෝස් 3.0 මෙහෙයුම් පද්ධතිය? මුල්ම වින්ඩෝස් වර්ගයේ GUI සහිත මෙහෙයුම් පද්ධතිය.මටනම් තාමත් මතකයි DOS වල ඉදන් Windows වලට මාරු වෙච්ච හැටි. (මටනම් පරිගනකයක් තිබුනනෑ ඒකාලෙ, ඒවුනාට මගේ යහලුවො කිහිප දෙනෙකුට තිබුන).

ඔන්න ඉතින් දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 3.x වල සියලුම කටයුතු නවත්තල දාල. 1990 මැයි මාසෙ ඉදන් නිකුත් කරපු වින්ඩෝස් 3.x ලයිසන නිකුත් කිරීම 2008 නොවැම්බර් 1 වැනිදා ඉදන් නවත්තල තියනව.

ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ වින්ඩෝස් 3.x වලට Good Bye කියන්න විතරයි. හැබෑවටම මේක එක්තරා වංශකතාවක අවසානයක්...

කරුනු හොයාගත්තෙ BBC යෙන්

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. මම 9 වසරෙ ඉන්න කාලෙ අපේ පාසලේ (නු/පේන්ටර් අනුස්මරණ විද්‍යාලයෙ) ලැප්ටොප් 4ක් තිබුන. ඒවගේ තිබුනෙ Windows 3.1. ඒ දවස්වල නම් එකෙන් අපි ගොඩාක් දේවල් කලා, දැන් නම් පුදුමත් හිතෙනව වින්ඩෝස් විස්ටා එක්ක Windows 3.1 සසදලා බැළුවොත්. ඒ වගේම තවම බොහෝ අය පරන මෘදුකාංග භාවිතා කරනව. මගේ බ්ලොග් එකට Microsoft IE 2.0 වලිනුත් Hits තියෙනව. පුද්මයි :D

    ReplyDelete
  2. ඇත්තෙන්ම ඒ කාලයේ වින්දෝස් 3.x වලට මාරු වෙන්න අපත් අදිමදි කළා. wordstar, wp 51, lotus 123, dbase III +, quatpro, clipper වගේ දේවල් පියොදමින් සිටි අප වින්දෝස් මඟින් අන්ද මන්ද කළා. ඒ එක්කම කියන්න ඕනේ නාස්තියක් ගැනත්. අප ඒ දිනවල තිබූ මෘදුකාංග තුලින් ගත් මුද්‍රණ පිටපත් (print out) සඳහා ගිය තීන්ත ප්‍රමාණයයි. wysiwyg (ඔබ දකින දෙය තමා ඔබ ගන්නේ) හරහා ලබා ගන්න මුද්‍රණ පිටපත් වලට කෙතරම් තීන්ත. යනවද කියලා හිතන්න. ඉස්සර මාස 2-3 ක් භාවිතා කල මුද්‍රක රිබන් දැන් සති 2-3 ක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්.

    ReplyDelete

Share/Bookmark

Recent Comments