Showing posts with label වින්ඩෝස්. Show all posts
Showing posts with label වින්ඩෝස්. Show all posts

Wednesday, November 5, 2008

වින්ඩෝස් 3.x ගේ අවසානය.



මතකද වින්ඩෝස් 3.0 මෙහෙයුම් පද්ධතිය? මුල්ම වින්ඩෝස් වර්ගයේ GUI සහිත මෙහෙයුම් පද්ධතිය.මටනම් තාමත් මතකයි DOS වල ඉදන් Windows වලට මාරු වෙච්ච හැටි. (මටනම් පරිගනකයක් තිබුනනෑ ඒකාලෙ, ඒවුනාට මගේ යහලුවො කිහිප දෙනෙකුට තිබුන).

ඔන්න ඉතින් දැන් මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් 3.x වල සියලුම කටයුතු නවත්තල දාල. 1990 මැයි මාසෙ ඉදන් නිකුත් කරපු වින්ඩෝස් 3.x ලයිසන නිකුත් කිරීම 2008 නොවැම්බර් 1 වැනිදා ඉදන් නවත්තල තියනව.

ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ වින්ඩෝස් 3.x වලට Good Bye කියන්න විතරයි. හැබෑවටම මේක එක්තරා වංශකතාවක අවසානයක්...

කරුනු හොයාගත්තෙ BBC යෙන්

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments