Thursday, February 7, 2013

ගොලුවෙක් ෆෝන් කෝල් එකක් ගන්නව දැකල තියනවද?




මේක කාටවත් අපහාසයට ලියන දෙයක් නෙමෙයි. හැබැයි කියවගෙන යනකොට තේරේවි නව තාක්ෂණයෙන් කොයිතරම් මිනිස්සු ප්‍රයෝජන ගන්නවද කියල.

---------------------------------------------

මම සාමාන්ය‍යෙන් වැඩට යන්නෙ දුම්රියෙන්. ඊයෙත් පුරුදු විදිහටම ගිහින් කොම්පඤ්ඤවීදියෙන් බැහැල පයින්ම යුනියන් පෙදෙසට යනකොට මට ඉස්සරහින් අමුතුම හැසිරීමක් තියන මිනිහෙක් යනව. මිනිහ හෙමින් යන්නෙත් නෑ, හයියෙන් යන්නෙත් නෑ,  මට ඉස්සර කරන්න දෙන්නෙත් නෑ. මමත් ඉතින් අතාරින්නෙ නැතුව පස්සෙන්ම යනව. මිනිහ පාරෙ යනගමන් මොකක් හරි එකක් අතින් කරනව, හැබැයි පිටිපස්සෙ යන මට පේන්නෙ නෑ.


කොහොමින් කොහොම හරි පාරෙ ඉද තියන තැනක් ආව මට මිනිහව ඉස්සර කරන්න ඉඩ තියන, මම මොකක්ද දන්නවද දැක්කෙ????


ඉස්සරහින් යන කෙනාගෙ වම් අතේ ජංගම දුරකතනයක්, ඒකෙ වීඩියෝ කෝල් එකක්. අනිත් පැත්තෙ එක්කෙනා හස්ත සංඥා (වෙනින් විදිහකට කියනවනම් ගොලු භාෂාවෙන්) වලින් කතා කරනව. මේයත් උත්තර දෙනව ඒ විදිහටම. කොහොමද ටිකිරි මොලේ. ඔන්න ඔය විදිහට තමයි කතා කරන්න බැරි උත්සාහවන්තයින් දුරකතන පාවිච්චි කරල සන්නිවේදනයෙ යෙදෙන්නෙ.



Image Source : http://www.123rf.com/photo_12288521_sketch-of-sign-language-hand-gestures-letter-i-vector-illustration.html


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

14 comments:

  1. 3ජි ෆෝන් ආපුම දවස්වල මම දැක්කා එක්කෙනෙක් තව කෙනෙකුට මේකෙන් මෙහෙම කරන්න පුළුවන් කියලා කියලා දෙනවා,
    තරුන කොල්ලෙක් සහ කෙල්ලෙක් ,
    කොල්ලා තව කෙනෙකුට කෝල් එකක් ගත්තා වැඩේ කරන විදිහ කියලා දුන්නා පෙන්නලම කෙල්ලට,
    ඒ ගෑණු ළමයගේ ඇස්වල තිබුන සතුට ඇස් දිලිසුනා ,
    ඔය වැඩේ කරන්න පුළුවන් සංකේථ භාෂාව දන්න අයට විතරයි,

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තටම මටත් පුදුම් හිතුන මේක දැක්කම.

      Delete
  2. මේක අලුත් දෙයක් නෙවෙයි... 3G පැමිනීමත් එක්කම මේ ක්‍රමය ක්‍රියාත්මක උනා... ඔබ මෙය දකින්න ඇත්තේ අද....

    ReplyDelete
    Replies
    1. ඔව්, වෙන්න පුලුවන්....

      Delete
  3. ගොඩක් දුක හිතෙනවා මෙහෙම කෙනෙක් දැක්කාම. ඒත් ඒ විදියට හරි එයාලා ලෝකය ජයගෙන කියලා දැනුනාම පොඩි සතුටකුත් ඇති වෙනවාම නොවේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒවගේම තාක්ශනයෙන් එයාල ගන්න ප්‍රයෝජනය....

      Delete
  4. මමත් තාම දැකලා නම් නැහැ ඒත් මීට කලින් කොහේදි හරි කියෙව්වා ඒ ගැන
    ඇත්තටම වටිනවා ඒ අයටත් ජංගම දුරකතන භාවිතා කරන්න ලැබීම නම්

    ReplyDelete
  5. ඔය ‍ක්‍රමයට ගොලු අය ස්කයිප් වලිනුත් අදහස් හුවමාරු කරගන්නව.

    ReplyDelete
  6. Well done.Kepp it up my dear blogger visit http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  7. K-Zone එක ඉස්සරහ තියන bus stop එකේ 7ක්‌ 8ක් එකතු වෙලා අත් විසි කර කර ඇඟිලි දික් කරමින් මොනාදෝ කියනවා....වලියක්ද කියලා ලංවෙලා බැලුවා...ඒ උනාට දැකපු දෙයින් හිතට පුදුම වේදනාවක් එක්ක සතුටක් ඇති උනා.

    ReplyDelete
    Replies
    1. මමනම් ඕන තරම් දැකල තියනවා රත්මලානෙ අද ගොලු බිහිරි පාසලට ගියපු වෙලාවට...

      Delete
  8. මටත් කියන්න තියෙන්නේ මේක අලුත් දෙයක් නෙවේ.කතා කරන්න බැරි ගොළු අය හැමෝම දන්නා දෙයක් මේක දැන්

    ReplyDelete
  9. මේකෙං කෝල් ගන්න විදිහ මං දැක්කා යූත් එකේ තිබ්ඉ සී.එස්.එන් සිහිනය වැඩසටහන අතරතුර..
    ගොලු තරුණයෙක් තමංගේ පෙම්වතියට විස්තර කරනවා තරගේ ගැන..

    ReplyDelete

Share/Bookmark

Recent Comments