මේක කාටවත් අපහාසයට ලියන දෙයක් නෙමෙයි. හැබැයි කියවගෙන යනකොට තේරේවි නව තාක්ෂණයෙන් කොයිතරම් මිනිස්සු ප්‍රයෝජන ගන්නවද කියල.
---------------------------------------------
කොහොමින් කොහොම හරි පාරෙ ඉද තියන තැනක් ආව මට මිනිහව ඉස්සර කරන්න ඉඩ තියන, මම මොකක්ද දන්නවද දැක්කෙ????
ඉස්සරහින් යන කෙනාගෙ වම් අතේ ජංගම දුරකතනයක්, ඒකෙ වීඩියෝ කෝල් එකක්. අනිත් පැත්තෙ එක්කෙනා හස්ත සංඥා (වෙනින් විදිහකට කියනවනම් ගොලු භාෂාවෙන්) වලින් කතා කරනව. මේයත් උත්තර දෙනව ඒ විදිහටම. කොහොමද ටිකිරි මොලේ. ඔන්න ඔය විදිහට තමයි කතා කරන්න බැරි උත්සාහවන්තයින් දුරකතන පාවිච්චි කරල සන්නිවේදනයෙ යෙදෙන්නෙ.
Image Source : http://www.123rf.com/photo_12288521_sketch-of-sign-language-hand-gestures-letter-i-vector-illustration.html
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
3ජි ෆෝන් ආපුම දවස්වල මම දැක්කා එක්කෙනෙක් තව කෙනෙකුට මේකෙන් මෙහෙම කරන්න පුළුවන් කියලා කියලා දෙනවා,
ReplyDeleteතරුන කොල්ලෙක් සහ කෙල්ලෙක් ,
කොල්ලා තව කෙනෙකුට කෝල් එකක් ගත්තා වැඩේ කරන විදිහ කියලා දුන්නා පෙන්නලම කෙල්ලට,
ඒ ගෑණු ළමයගේ ඇස්වල තිබුන සතුට ඇස් දිලිසුනා ,
ඔය වැඩේ කරන්න පුළුවන් සංකේථ භාෂාව දන්න අයට විතරයි,
ඔව්. ඇත්තටම මටත් පුදුම් හිතුන මේක දැක්කම.
Deleteමේක අලුත් දෙයක් නෙවෙයි... 3G පැමිනීමත් එක්කම මේ ක්‍රමය ක්‍රියාත්මක උනා... ඔබ මෙය දකින්න ඇත්තේ අද....
ReplyDeleteඔව්, වෙන්න පුලුවන්....
Deleteගොඩක් දුක හිතෙනවා මෙහෙම කෙනෙක් දැක්කාම. ඒත් ඒ විදියට හරි එයාලා ලෝකය ජයගෙන කියලා දැනුනාම පොඩි සතුටකුත් ඇති වෙනවාම නොවේ.
ReplyDeleteඇත්ත. ඒවගේම තාක්ශනයෙන් එයාල ගන්න ප්‍රයෝජනය....
Deleteමමත් තාම දැකලා නම් නැහැ ඒත් මීට කලින් කොහේදි හරි කියෙව්වා ඒ ගැන
ReplyDeleteඇත්තටම වටිනවා ඒ අයටත් ජංගම දුරකතන භාවිතා කරන්න ලැබීම නම්
ඔය ක්‍රමයට ගොලු අය ස්කයිප් වලිනුත් අදහස් හුවමාරු කරගන්නව.
ReplyDeleteWell done.Kepp it up my dear blogger visit http://sinhapedia.blogspot.com/
ReplyDeleteK-Zone එක ඉස්සරහ තියන bus stop එකේ 7ක් 8ක් එකතු වෙලා අත් විසි කර කර ඇඟිලි දික් කරමින් මොනාදෝ කියනවා....වලියක්ද කියලා ලංවෙලා බැලුවා...ඒ උනාට දැකපු දෙයින් හිතට පුදුම වේදනාවක් එක්ක සතුටක් ඇති උනා.
ReplyDeleteමමනම් ඕන තරම් දැකල තියනවා රත්මලානෙ අද ගොලු බිහිරි පාසලට ගියපු වෙලාවට...
Deleteමටත් කියන්න තියෙන්නේ මේක අලුත් දෙයක් නෙවේ.කතා කරන්න බැරි ගොළු අය හැමෝම දන්නා දෙයක් මේක දැන්
ReplyDeleteමේකෙං කෝල් ගන්න විදිහ මං දැක්කා යූත් එකේ තිබ්ඉ සී.එස්.එන් සිහිනය වැඩසටහන අතරතුර..
ReplyDeleteගොලු තරුණයෙක් තමංගේ පෙම්වතියට විස්තර කරනවා තරගේ ගැන..
http://www.hartgossip.com
ReplyDelete