Wednesday, November 28, 2012

ෆුල් ඔප්ෂන් නම් ඔහොම වෙන්නෙ නෑනෙ. මෙහෙම තමයි වෙන්නෙ.



ඔන්න ඉතින් මගේ යාලුවෙක් ලගකදි කාර් එකක් ගත්ත. අර විවා එලයිට් කියල තියෙන්නෙ, අන්න එයින් එකක්. අපි මිනිහට කිරා කියල කියමුකො.

කිරා ටිකක් පන්ඩිතයා, ඊටත් වැඩිය කම්මැලියා. ඒක නිසා කැම්පස් එකෙන් එලියට ඇවිල්ලත් අවුරුදු 6ක් යනකම් වාහන ලයිසොං අරගත්තෙ නෑ. මේ මනුස්සය අවුරුදු ගානක් මෝටර් බයිසිකලයක් සල්ලි වලට අරන් ගෙදර තියාගෙන ඉදල තියනව ලයිසං නැති නිසා.

පදුර වටේ තැලුව ඇතිනෙ. ඔන්න කතාව. වාහනයක් ගත්තම තව කරන්න ඕන වැඩ හොදයිනෙ. ආදායම් බලපත්‍රයක් ගන්න ඕන, රක්ශනයක් ගන්න ඕන. අපේ කිරත් හතරවටින් හොයල හොයල ෆුල් ඔෆ්ශන් එකක්ම ගත්ත මම ඇතිලු කිහිප දෙනෙක් එපයි කියද්දිම. ඔන්න දැන් හොදම හරිය.....

දවසක් අලුත්ම විවා එක ගෙදර ගේට්ටුවෙන් එලියට දාන්න ගියපු කිරා වාහනේ පැත්තක්ම ගේට්ටු කනුවෙ හැප්පුව. දැන් එක පැත්තක ඉස්සරහ දොරයි, පස්සෙ දොරයි හොදටම හීරිල, ඇතුලට තැලිල ගිහින්. මොනව කරන්නද, මිනිහ කතාකර ලයිසං තියන යාලුවෙකුට. ඊට පස්සෙ ෆුල් ඔෆ්ශන් එකට කෝල් කරල කියුව යාලුව අතින් හැප්පිච්ච විදිහට. වැඩේ අවුලක් නෑනෙ. අපි උනත් කරන්නෙ ඕකනෙ.

ඔන්න ඉතින් රක්ශනයෙන් ඇවිල්ල කතාව පිලිඅරන් ගරාජ් එකකට දාල තක්සේරුවක් අරන් දෙන්න කියනව. කිරත් ඉතින් නගරෙ තියන හොදම තැනට වාහනේ අරන් යනව. (හොදම කියන්නෙ ගනන්ම තැන බව කියන්න ඕන නෑනෙ ). තක්සේරුවකුත් හම්බ වෙනව. වාහනේ එතන තියල යන්න කියල ෆුල් ඔෆ්ශන් මහත්තය කියනව.

ඔය අස්සෙ කලු උස මහත හාදයෙක් සතියකට පස්සෙ එනව කිරා හම්බවෙන්න. ඇවිල්ල තර්ජනය කරනව, ඔයාගෙ අතින් නේද වාහනේ හැප්පුනේ, අපි ඔක්කොම දන්නව කියල. කිරා ඒක පිලිගන්නව. ඒ අස්සෙ කලු හාදය මේ කාරනේ ලිඛිතව කිරාට කියල අත්සන් කරල අරගන්නව. හැබයි කිරාට මිනිහ කියන්නෙ වෙනින් කතාවක්, හරියට වැඩේ ගොඩින් බේර ගෙන වන්දිත් අරගන්න පුලුවන් වෙන විදිහට මිනිහ කරල දෙනව වගේ.  මේ යකත් මෝඩය වගේ ඔක්කොටම අත්සන් කරනව.  


ෆුල් ඔෆ්ශන් පැත්තෙන් ආරංචියක් නැතිනිසා මාසෙකට පස්සෙ හොයල බලනකොට වන්දි කැන්සල්. හැබැයි මුන් ලියුමක් වත් එව්වෙ නෑ. හොදම දේ ගරාජ් කාරය වාහනේ හදල. ඇයි දෙය්යනේ  තක්සේරුවක් අරන් හරි කියල ගියාට පස්සෙ වන්දි ගෙවන්න බෑ කියන්නෙ නෑනෙ කිසිම රක්ශනයක්. අන්තිමට රුපියල් ලක්ශ 2ක් විතර අතින් ගෙවල වාහනේ ගෙදර ගෙනාව.

ආයිත්නම් කිරා තියා කිරාගෙ යාලුවෙක්වත් ඔය පැත්තෙ යන්නෙ නෑ.


ප.ලි.: කිරා යනු මම නොවෙමි. වරදවා වටහා නොගන්න.

ප.ප.ලි.: කිරා අඩු ගානෙ අර කලු තඩියගෙ ID එකක්වත් බලල නෑ. ඔහොම එන අය බොහෝදුරට රක්ශනයෙ වැඩ කරන අය නෙවෙයිලු. පිට අයටලු වැඩේ බාර දෙන්නෙ. කිරා හරියට වැඩ කලානම් ඔය සිද්දිය වෙන්නෙ නැතිව ගොඩ දාගන්න තිබුන. අපි මොකටද එක එක අය කියුවට සිද්දිය මේකයි කියල පිලිගෙන කොලවල අත්සන් කරල දෙන්නෙ. පොලීසියෙන් නෙමෙයිනෙ ආවෙ.



Image Source: http://www.janashakthi.com/news_events/2010/full_option_vehicle_emergency_policy.jsp

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

10 comments:

  1. ඒක මාර බලහත්කාරකමක්නේ, බැරිද ඔව්වට මොකුත් කරන්න අපිට
    "අටම්පහුර" "මහන මැසිම" ලියන ලක්මාල්

    ReplyDelete
    Replies
    1. අපි පස්සෙ හොයල බැලුව. ලිඛිතව දීල තියන නිසා මොනවත් කරන්න බෑ.

      Delete
  2. ඔය වගේ සිද්ධි රක්ෂණයේ, ෆිනැන්ස් වල තියනවනේ , මම දන්න එක්කෙකුට සත්තම දාන්න ඇවිත් (වාරික නොගෙවපු එකකට ) , මූ අර හාදයව හෙමින් සැරේ ෆලො කරන ගමන් පොලිසියේ දන්න එකෙකුට කෝල් එකක දීලා . පොලිසියට අරන් ගිහින් දෙක තුනක් ඇනලා ඌව බය කරලාත් තිබුනා .පොලිසියේ හාදය කීව්වලු ඔය වගේ තර්ජනය කරන්න එන ඕනි එකෙක්ව පොලිසියට අල්ලලා දෙන එකයි කරන්න තියෙන්නෙ කියල , මොකද වාරික නොගෙව්වා වුනත් නඩු දානව මිසක් තර්ජනය කරන්න කාටවත් බැරි නිසා . අනික ඔය වැඩ වලට අරුන් හයර් කරන්නේ හොඳ නම ගිය චණ්ඩි , කිරාගේ සීන් එකේදී නම් ඔප්පු කරන්න පුලුවන් වරදක් කරල නැති නිසා අරුව පොල්සියට මාට්ටු කලා නම් , ඌ රක්ෂණේට තියන සම්බන්ධෙ අල්ලලා නඩුවක් දාලා හොඳ පාඩමක් උගවන්වන්න තිබුනා!

    ReplyDelete
  3. එක එකාට බය වෙලා නම් මේ රටේ නිමෙයි, කිසිම රටක ජීවත් වෙන්න බෑ. වාහනෙක ගියත් ළෝකය දන්නෙ නැති උනාම ඔහොම තමයි. ඒකයි මම කියන්නේ මේ වාහන වල යන්නේ ගල් යුගයටත් එහා මිනිස්සු කියලා.

    ReplyDelete
  4. රකෂණ ගැන නම් මටත් අත්දැකීම් බොහොමයි..මම ලඟදි , ලඟදි කිවට ගිය අවුරැද්දේ ගත්ත බයික් එක අරන් මාස දෙකක් යනකොට මගෙ අතින්ම ඇක්සිඩන්ට් වෙලා ඒක කන්ඩෙම්න් වෙන තත්වෙටම ආවා. වෙලාවට ෆුල් ඉන්ෂුවරන්ස්. පුදුම වෙනවා මම අදටත් මාව නොමැරී බේරැනු එක ගැන..කොහොම වුනත් මට බයික් එකට අලුත් බයික් එකක් දුන්නා රක්ෂන මහත්තුරැ..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා. ඔබතුමා කොහොම උනත් වාසනාවන්තයි....

      Delete
  5. මට නම් ඔය ගැන අත්දැකීම් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට හම්බවේවි. බයවෙන්න එපා. මෙහෙම දෙයක් උනොත් ගොඩයන්න දැනගන්න ඕන නිසා තමයි මේක ලියුවෙ...

      Delete

Share/Bookmark

Recent Comments