2004 දෙසැම්බර් 26 දවස. ජනවාරි මුල් සතියෙ කැම්පස් එකේ සෙමෙස්ටර අවසාන පරීක්ෂනය නිසා ටිකක් පාඩම් කරන්න කලින්ම කැම්පස් එකට යන්නයි ලෑස්තිය. 26 ඉරිදා උදේ 9.15, රජරට රැජිණ දුම්රියට ගොඩ උනේ ඒ සදහායි.
කවදාවත්ම නැතුව වෙලාවට කෝච්චිය පිටත් උනා. කාලිදාස පාර රේල් ගේට්ටුව පහුවෙනකොටම ගමන් වේගය හුගක් අඩු උනා. මමත් කෝච්චියෙ දොරක් ගාවත ගියා මොකද බලන්න. මේන්න බොලේ නූපෙ කුනුඇල දිගේ හෙන හයියෙන් වතුර උඩහට ගලනව.
කොච්චිය නූපෙ රේල් ගේට්ටුව ගාවටත් ආව. එතන කානුව දිගෙත් වතුර හයියෙන් උඩහට ගලනව. ඒ මදිවට පාරදිගේ මිනිස්සු හූ තිය තිය දුවනව. ඒ අස්සෙ එක පාරටම කපිල සර් (ඔව් අපේ පියෝ කපිල සර් තමයි ) ඉන්නව රේල්පාර අයිනෙ, මාව දැක්ක ගමන් 'විදුල, මූද ගොඩ ගලනවෝ' කියල හයියෙන් කියුව. දැන් මොකද කරන්නෙ. මගෙත් ඔලුව ගිනිඅරන් වගේ. කමක් නෑ මොකකුනත් කෝච්චියෙම ඉන්නව කියල හිතාගත්ත. කොහොමින් කොහොම හරි කෝච්චිය කඹුරුගමුවට ගිහින් නැවැත්තුව.
දැන් කනින් කොනින් එක එක කතා ඇහෙනව. මුහුද ගොඩ ගලලලු. කෝච්චිය මෙතනින් එහාට යන්න බැරිලු. වැලිගම ස්ටේෂමෙන් කිසිම ආරංචියක් නැතිලු. පැලෑන හරියෙ රේල්පාරෙ කෑලිවත් නැතිලු. දැන් ඔක්කොම සෙනග කේච්චියෙන් බැහැල බලන් ඉන්නව. මම බැලුව අතේ තියන ෆෝන් එකෙන් රේඩියෝවක් වත් අල්ලල බලන්න. ඒවත් හරියට වැඩ නෑ. ගෙදරට කෝල් එකක් ගන්නත් බෑ.
දුම් රියෙ රියදුරු මහත්තයත් එලියට බැහැල කෝල් ගන්න හදනව. එයාගෙ ගෙදර උනවටුනෙලු. හොදටම බයවෙලා. ඔන්න එක පාරටම මට කේල් එකක් ආව. මගේ හොදම යාලුවෙක් වෙච්ච මහේෂ්ගෙන්. එයා කොලඹ ඉදන් කෝල කරනව අපිට මොනව වෙලාද බලන්න. මම කියුව අපේ ගෙදරට මට කතාකරන්න බෑ, ඒකනිසා පුලුවන් නම් කතා කරල මම ඉන්න තැන කියන්න කියල. කොහොම හරි ඒ විදිහට අපේ ගෙදර බයත් නැතිකරන්න මට පුලුවන් උනා.
තව පැයකින් විතර කෝච්චිය ආපහු මාතරට යවන්න තීරනය උනා. මමත් එහෙමම මාතරට ගිහින් ගෙදර ගියා. ඒ විදියට තමයි මගේ සුනාමි දවස කිසිම අතුරු ආබාදයක් නැතිව ගතවුනේ.
ඒ විදිහට බේරෙන්න අපි කොච්චර වාසනාවන්ත වෙලාද එදා....
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
විදුල අය්යේ ,අවුරුදු 8 කට පස්සෙත් එදා සිදුවීම් අකුරක් නෑර අදත් සිහිකරන්න පුළුවන් ,මමත් බේරුනේ එදා ක්ලාස් කට් කරපු නිසා .කපිල සර්ගේ වයිෆ් ඉරිදා කොටුවේගොඩ පොලේදී සුනාමි රළට අහුවෙලා තිබුනා ,ඇන්ටි යන්තම් බේරිලා තිබුනා ,beach road එකේ තිබ්බ කපිල සර්ගේ කාර් එක හම්බවුනේ දේශානි v mart එක හරියේ තිබිල,මත එදා දවස ගැන පොස්ටුවක් දැම්ම
ReplyDeletehttp://apegamamathara.blogspot.com/2012/12/8.html
ඔන්න මන ඔයාව මාතර බ්ලොග් රෝලෙත් එල්ලගත්ත
Deleteමටත් මතකයි ඔය සිද්දි ටික....
Deleteමතක් වෙනකොටත් දුක හිතෙන අතීතයක්
ReplyDeleteදුක විතරක් නෙමෙයි, ත්‍රාසය භීතිය එහෙමත් හොදින්ම ලැබුන මුහුන දීපු අයටනම්.....
Deleteඅම්මෝ මතක් කරන කොටත් ඇග වෙවුලනවා....
ReplyDelete