Wednesday, July 18, 2012

රතු කෙස් තියන ලොකු ලමයගෙ කතාව.... (තවත් ගණිත ගැටලුවක්)




ඔන්න අම්මල දෙන්නෙක් කොහෙද යන ගමන් පාරෙදි හම්බ උනා. එක අම්ම කෙනෙක් අනිත් අම්මගෙන් අහනව 'ඔයාගෙ ළමයි තුන්දෙනාගෙ වයසවල් කීයද කියල'.

ඉතින් මේ අම්මල දෙන්නම එසේ මෙසේ කට්ටිය නෙමෙයි. එක්කො ඉංජිනේරුවො, නැත්නම් ගනිතඥයො. ඉතින් අනිත් අම්ම මෙහෙම උත්තර දෙනව. මගේ ළමයි තුන්දෙනාගෙ වයසවල් වල ගුණිතය 36යි. එයාලගෙ වයසවල් ටික එකතුකරාම එන අගය අර ඉස්සරහ තියන ගෙදර ජනෙල් ගානට සමානයි.


අනිත් අම්මත් ඉස්සරහ ගෙදර දිහා බල බල ටිකක් වෙලා කල්පනා කරා. කරල ඉවර වෙලා කියුව 'ඔයා කියපු කරුනු මදිනෙ ළමයින්ගෙ වයස හොයන්න'. අනිත් අම්ම කියනව, 'ආ මට අමතක උනානෙ කියන්න, මගේ ලොකු පුතාට තියෙන්නෙ රතු හිසකෙස්'.

ඔන්න ඒ පාර අනිත් අම්ම අර ළමයි තුන් දෙනාගෙම වයස හරියට කියුව.

දැන් කාටද පුලුවන් ළමයි තුන් දෙනාගෙ වයස හරියට කියන්න? උත්තරේ ලබන සතියෙ බලාපොරොත්තුවෙන්න.

Image Source: http://www.visualphotos.com/image/1x7471073/red_haired_boy_knows_the_answer_to_a_question



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

4 comments:

  1. උත්තරය 9 , 2, 2
    දත්ත මදි වන්නේ අවස්ථා දෙකකදී එකම එකතුවක් එන බැවින් විය යුතුය, එම අවස්ථා දෙක නම් 1,6,6 හා 9,2,2 වේ එකතුව දෙකේම 13 ක් වේ. ලොකු පුතෙක් ගැන කතා කරන බැවින් 1,6,6 විය නොහැක. ඔවුන් නිවුන්නු වන බැවින්. එම නිසා උත්තරය 9,2,2 විය යුතුය.

    ReplyDelete
  2. ලොකු පුතා කිව්වේ මහත්තයාටද? මං නං ගණන් දන්නේ නැහැ.

    ReplyDelete

Share/Bookmark

Recent Comments