ඔබ කී වරක් 'ස' බලල තියනවද? මේක බන්දුල නානායක්කාරවසම්ගෙන් ඇහුවොත් කියාවි 28 වරක් කියල. මටනම් කියන්න තියෙන්නෙ දෙවරක් කියල. අපේ තාත්ත නම් පස්වරක් කියල කියාවි. හැබැයි ලගදීම දවසක් එනව මේ අගය තවත් වැඩිකරන්න බැරිවෙන. මොකද අන්තිම 'ස' ප්‍රසංගයට තියෙන්නෙ තව දින 19ක් වගේ ගානක්.
1973 ජුලි 20 වෙනිදින ලුම්බිණි රගහලෙන් පටන් ගත්තු 'ස' ගමන 2013 ජුලි මාසෙ 20 වෙනිදින ලුම්බිණි රගහලෙන්ම නිමා වෙනව. ඒ මහාචාර්යය සුනිල් ආරියරත්නයන්ගෙ ප්‍රධානත්වයෙන්. ඊට පෙර ජුලි 19 වෙනිදා පණ්ඩිත් අමරදේවයන්ගෙ ප්‍රධානත්වයෙන් මහරගම යොවුන් රගහලේදිත්, 18 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ශයන්ගෙ ප්‍රධානත්වයෙන් නෙලුම් පොකුනෙදිත් පැවැත්වෙනව. ඒ වගේම 'ස' රුහුණට සමුදීම ජුලි 8 වෙනිදා මාතර ශාන්ත තෝමස් විදිහල් රගහලේදි සිදුවෙනව. ඉතින් ජීවිතේ අවසාන වතාවට 'ස' විදගන්න තියෙන්න මේ අවස්තාවන් කිහිපය විතරයි. ඉතින් ප්‍රමාදවී පසුතැවිලි නොවන්න.
වික්ටර් රත්නායක ගාන්ධර්වයානෙනි, ස නවතා දැමුවද අප වෙනුවෙන් ගීතයක් දෙකක් ගයන්නට ඔබට දීර්ගායුෂ ලැබේවා.......
ප.ලි.: වික්ටර් රත්නායකයන් වරක් කියුව 'මට තවදුරටත් සිංදු කියන්න බැහැයි කියල මට හැගුන දවසට මම මේ ප්‍රසන්ගය නවත්තනව' කියල. කනගාටුවෙන් උනත් ඒ දවස ඇවිත් බව තමයි මටනම් හිතෙන්නෙ.
අමතර තොරතුරු: http://www.dailynews.lk/2012/06/13/fea32.asp
Image Source : http://www.lankanartists.com/booking/Srilankan/22-victor-rathnayaka.aspx
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ප.ලි. ටික දැක්කම දරන්න බැරි තරමේ වේදනාවක් හිතට දැනුන පුංචි කඳුලකුත් එක්කම.
ReplyDeleteවිකටර් රත්නායකයාණෙනි ඔබට නිරෝගී සුවය හා දිර්ඝායුෂ ලැබේවා.
එකම එක වරක්වත් බලන්නට බැරිඋන මං ගැන මට දැනෙන දුක කියන්න බැරි තරම්....
ReplyDeleteඅන්තිම 4 න් එකක් කොහොම හරි බලන්න ඕනේ
ReplyDelete