Tuesday, May 29, 2012

බුහාරි එකේ බුරියානි එක.



අද හවස යාලුවෙක්ගෙ ගෙදර ගියා. උගේ මස්සිනා දවල්ට බුහාරි එකෙන් බුරියානි එකක් කාල ඇවිල්ල පලු යන්න බනිනව ඒකෙ වැරදි කියකියා. ඒක අහන් ඉදපු මට පුන්චිකාලෙ සිද්දියක් මතක් උනා.


මම පොඩි කාලෙ, ඒ කියන්න ඉස්කෝලෙ හයේ හතේ වගෙ ඉන්නකොට දවසක් මොකක් හරි සිද්දියකට කොලබ ආව. ආවෙ මොකටද උනේ මොකක්ද කියල මතක නැතිඋනත් ඒ වැඩටික ඉවරවෙලා දවල්ට මට බුහාරි එකෙන් බුරියානි එකක් අරන් දෙන බවනම් තාත්ත කියුව වගේම දවල් මරදානෙ බුහාරි එකෙන් බුරියානි එකකුත් අරන්දුන්න. ඔය දෙකම අරගත්තු අපිදෙන්න තාත්ත වැඩකරපු රේල්ලුවෙම තියන විවේකාගාරයකට ගිහින් ඔය ගත්තු ඒව කාල ඉවර කරා.


මට බුරියානි එකක් අරන් දුන්නත් තාත්ත එකක් නොගෙන දවල්ට කන්න ඉදිආප්ප 30ක් ගත්තෙ මොකද කියන එක හුග කාලයක් යනකම් මට තිබුන ප්‍රශ්නයක්. ඉගන ගෙන රස්සාවල් හොයාගෙන තනියම නැගිටින කාලෙ වෙනකොට තමයි මට හිතුනේ රජයේ සේවකයෙකු වෙච්ච අපේ තාත්තට බුරියානි දෙකකට වියදම් කරන්න තරම් වත්කමක් හරි සිතක් හරි ඒ වෙලාවෙ තියෙන්න නැතුව ඇති. ලොකු පඩි තියන රස්සාවල් කරාට බුරියානි 3-4කට වියදම් කරන්න උනොත් මට උනත් ඒක ගැන ආයිත් හිතන්න හිතෙනව.

ඇත්තටම අපේ දෙමව්පියො අපිට වඩා කොච්චර සකසුරුවම්ද....


Image Source: http://www.stopntaste.nl/menu

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

8 comments:

  1. Your article brought me to my past too... My father too was a government officer and Buriyani from Buhari was the best feast he could offer us those days. Once he took us there and after finishing the dinner he announced that he is going to start building a home for us... we all knew that we are not going to have that feast for a long time. Once I was grown up and earning money, I brought Buriyahi for my family, but I didn’t know whether Thaththa enjoyed them...since he had been so feeble after few heart attacks and a stroke.
    My father died few years back and I am pretty sure I don’t want to go to Buhari again.
    Thanks for your article.

    ReplyDelete
  2. ඇත්ත කතාව..අපිටත් රස්සාවක් කර දවසට තමයි එක තේරෙන්නේ..එතකං අපිත් හැමදාම බුරියානි කයි!

    ReplyDelete
  3. මාත් හිතනව .. අපි නාස්තිකරනව වැඩියි කියල ...
    ඔය බුහාරි එක දැන් වහල නේද ...?

    ReplyDelete
  4. මාත් හිතනව .. අපි නාස්තිකරනව වැඩියි කියල ...
    ඔය බුහාරි එක දැන් වහල නේද ...?

    ReplyDelete
  5. මමත් ජිවිතේ පලවෙනි වතාවට බුහාරි එකෙන් කැවේ මේ ලගදි..මිට වඩා රහට අපේ අම්මා හදන කිරි හොද්දයි කරෝලයි අගුණ කොල මැල්ලුමකුයි මට කටට රහයි..

    ReplyDelete
  6. @Kumaraya
    නෑ, මරදානෙ එල්පින්ස්ටන් එක ගාව තාම තියනව.

    ReplyDelete
  7. අහස බලන්න යන ගමනට මමත් එකතු වෙනවා!!!

    සකසුරුවම අතින් කොහොමත් අපේ දෙමව්පියෝ අපිට වැඩ ඉදිරියෙන්, මේ ලිපිය කියවද්දී මට හිතුන තව දෙයක් ...

    අපි තරුණ කාලේ නොහිතපු එත් වයසින් මුහුකුරා යද්දී හිතෙන / හිතන දේවල් අතරේ මේ දෙයත් එක දෙයක්, ඉස්සර අපි නොදැනුවත් කමයි / පොඩි කමයි නිසා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මුළු කුස්සියම වුනත් ගිලිනවා, කන ගමන් අම්මාගෙන් අහනවා අම්මා කන්නේ නැද්ද කියලා? එකත් අහන්නේ ඉඳ හිට. අම්මා කියන්නේ දැන්ම මට බඩගිනි නෑ, ඔයාල කන්නකෝ කියලා. එත් දැන් හිතෙනවා අපි කෑවාට පස්සේ අම්මට කන්න ඉතුරු වුනාද කියලා? ඒ වගේ දවස් කීයක් නිහඬව අම්මා ගත කරන්න ඇතිද කියලා. එහෙම හිතෙද්දි දැනෙන්නේ මහා පව් කාර හැගීමක්.

    ReplyDelete
  8. අපේ තාත්තා ඉස්සර ගොඩක් බඩගින්නේ හිටියා.
    දැන් බඩගින්නේ ඉන්නේ නැතත් දැන් හම්බෙන සල්ලි වලට අපේ ළමයින්ට කඩචෝරැ ගිල්ලනවා.
    ඒ වාගේ කැපකිරීම් මම කරනවා මදිද මන්දා

    ReplyDelete

Share/Bookmark

Recent Comments