Saturday, April 7, 2012

On a golden king pair සහ on a pair



අද ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් මැච් එක බැලුවනම් දකින්න ඇති සංගක්කාර බැට් කරන්න ආපු ගමන් යටින් වැටුන Sangakkara - On a golden pair කියල. ඉතින් පලවෙනි බෝලෙට ගැහුව ගමන් ඒක වෙනස් උනා Sangakkara - On a pair කියල. මොකක්ද මේජෙන් අදහස් වෙන්නෙ?

මම ඉතින් ටිකක් හොයල බලනකොට විකි දෙයියෝ ගාව තිබුන ක්‍රිකට් වල පාරිභාෂිත ශබ්ද මාලාව. ඔන්න හොයාගත්ත මේ කියන්නෙ මොකක්ද කියල.

On a golden pair / on a king pair - මේකෙන් අදහස් වන්නෙ ටෙස්ට් මැච් එකක් ඉනිම් දෙකේදිම පලවෙනි බෝලෙට බිංදුවටම (පලවෙනි බෝලෙට දැවී යනවනම් ලකුනු ගහන්න විදිහක් නෑනේ කොහොමත් :D) දැවී යන එක.

On a pair - මේකෙන් අදහස් වෙන්නෙ බිංදුවට දැවී යන එක ඉනිම් දෙකේදිම. පලමුවෙනි බෝලෙටම වෙන්න ඕන නෑ.

ඉතින් මේ දක්ශකම දක්වපු කට්ටිය ගැන පොඩි විස්තරයකුත් හොයාගත්ත. මෙතනින් යන්නකො ඒකට. හොද වෙලාවට සංගක්කාර මේකට යන්නෙ නැතිව බේරුන.


Image source : http://transcurrents.com/news-views/archives/2259

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. අහ්.. මමත් ඒක දැක්කා, හැබැයි දැනගෙන හිටියෙ නැහැ. ස්තූතියි දැනුවත් කළාට!

    ReplyDelete
  2. පලවෙනි බෝලේටම ලකුණු අරන් අවුට් වෙන්න පුළුවන්, රන්වුට් වුනොත්. ( දෙවැනි හරි තුන්වෙනි ලකුණ හරි ගන්න යද්දී )

    ReplyDelete

Share/Bookmark

Recent Comments