Wednesday, March 28, 2012

දනහිස් දෙකම තුවාල වෙච්ච ගෑනුලමයෙක් දැක්කොත්?


පහු ගිය සතියෙ මම බස් එකේ වැඩටයනකොට දෙහිවල හන්දියට කලින් බස් නැවතුමේ ඉන්නව දැක්ක ටිකක් පෙනුම තියන උස ගෑනු ලමයෙක්. දැක්ක ගමන් ආපහු බලන්න හිතෙන පෙනුමක් තිබිච්ච නිසා මමත් බස් එකේ කවුලුවෙන් ආපහු සැරයක් බැලුව.


කෙට්ටුයි, උසයි, දන හිසට වඩා පොඩ්ඩක් කොට සාය. අඩි උස සපත්තු. හෝව්..  හොව්.. මෙන්න බොලේ දනහිස් දෙකටම පැලැස්තර දෙකක් ගහලා.


ඉතින් කොහොමද දනහිස් දෙකම එකම විදිහට එකම වෙලාවෙදි තුවාල වෙන්න පුලුවන්???

1. අඩි උස සපත්තු දාගෙන ගිහින් ඇදගෙන වැටිල.
2. වැලි පොලොවක දන ගහගෙන මොනව හරි කරන්න ගිහිල්ල.
3. ඇවිදිනකොට දැක්කෙ නැතිව මොකක හරි හැප්පිල.
4. ..... ..... ..... ....... (ලියන්න මොකක්ද මොකක්ද වගේ ඒවත් හිතට එනව)


කොහොම උනත් ඒ තුවාල දෙක එදා උදේ උන ඒව වෙන්න බෑ. මොකද එහෙම උනානම් අච්චර ලස්සනට පැලැස්තර ගහගෙන එන්න පුලුවන් වෙනවද. ඉතින් මම අහන්නෙ ඕක වැහෙන විදිහට දිග කලිසමක් හරි දිග සායක් හරි ඇදගෙන එන්න බැරිඋනේ මොකද ඔය ලමයට කියල.

තුවාලෙ අපිට පෙන්නන්නද? නැත්නම් වැඩකරන තැන කාට හරි පෙන්නන්නද? නැත්නම් අහවල් දෙයකටද?





ප/ලි: අපේ නෝන මහත්තයත් පහුගිය සතියෙ අලුත් සෙරෙප්පු දෙකක් ඔෆිස් දාගෙන ගිහින් පොඩි කරනමක් ගහල දනහිස තුවාල කරගෙන ආව. හොද වෙලාවට එක දනහිසකට විතරයි ප්ලාස්ටර් ගහන්න උනේ.


Image source: http://realztenisfanz.wordpress.com/2011/06/26/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

7 comments:

  1. //4. ..... ..... ..... ....... (ලියන්න මොකක්ද මොකක්ද වගේ ඒවත් හිතට එනව)//

    බොරු කියන්නෙ මොකෝ, නෝනට උනෙත් මේක නේ?

    ReplyDelete
  2. ඕක කැපී පේන්න කරන එකක්..
    මට මතකයි ඉස්කෝලෙ යන කාලෙ අපේ ටීම් එකේ එක්කෙනෙකුට ඔය ලෙඩේ තදේට තිබුණා... ශෝට් ස්කර්ට් එක ඇදලා කකුල් දෙකේම බැන්ඩේජ් ඔතලා තමයි ග්‍රවුන්ඩ් එකට බහින්නෙ... කෙන්ඩ පෙරළීමක් එහෙම තිබුනෙ නෑ.. ෆැශන් එකටම තමා එහෙම කළේ.. කවුරුත් මොකුත් කිව්වෙ නෑ ඉතින් කාටහරි කෙන්ඩ එහෙම පෙරලුන ගමන් අරයා දෙනවා ටක් ගාල බැන්ඩේජ් ... :))

    ReplyDelete
  3. කකුල් දෙකේම පැලැස්තර තියනකොට .... හරි ලස්සනයි කියලා කව්රු හරි කිව්වද දන්නේ නෑ.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මම හිතන්නේ මේ කැම්පස් එකක හරි ඒවගේ තැනක දණගාපු කෙල්ලෙක්.. මේ දවස් වල රැග් එකනේ..

    ReplyDelete
  6. අහන්න දෙයක් නෑ රාජ් අහලා තියෙනවා ඒක....චිකේ මේ ගැන්ලමයාගැනත් නරක විදියට හිතලා...එයා නෙල්බෝල් ගහලා වැටිලා...

    ReplyDelete
  7. (ලියන්න මොකක්ද මොකක්ද වගේ එව්වා) ගල් ගොඩක් උඩ නැගලා ක......අනේ ලියන්ඩ මොකක්ද මොකක්ද වගේ අප්පා

    ReplyDelete

Share/Bookmark

Recent Comments