Thursday, March 1, 2012

ක්‍රොක් බන් කාල තියනවද?


මේක 2004දි විතර මොරටුව තක්සලාවෙදි වෙච්ච වැඩක්.

2004/2005 වගේ වෙනකම් මොර්ටුවෙ හිටපු කට්ටිය මැක් කැන්ටින් එක කියන්නෙ මොකක්ද කියල හොදටම දන්නව. ඒ කාලෙ මොරටුවෙ තිබුනෙ ගොඩ, වල, ගුල, එල් එක, මැක් එක කියන කැන්ටින් විතරයි, අපායෙත් එකක් තිබුනද මන්දා. අලුතින් මිකැනිකල් බිල්ඩිම හදනකොට කඩල දැම්මට මැක් කැන්ටිම හුගක් අයට සොදුරු මතක තියන තැනක්, විශේෂයෙන් දවල්ට ආදරය කරන්නයි රෑට බොන්නයි.


මම පුරුද්දක් විදිහට උදේට කන්න මැක් එකට ගියේ එතන නිදහස් නිසාත්, හොද බත් එකක්, ඉදි ආප්ප එකක් එතනින් කන්න පුලුවන් නිසාත්.

ඔන්න ඉතින් දවසක් උදේට කෑම ගන්න මම නෝන මහත්තයත් එක්ක මැක් කැන්ටින් එකේ පෝලිමේ ඉන්නව. මට ඉස්සරහින් ඉන්නෙ අපේම බැච් එකේ පේශකර්ම කරන කෙල්ලෙක්. පස්සෙ කාලෙක අපේ බැච් රෙපාගේ භාර්යාව උනේ එයා තමයි. (දැන් ඉතින් දන්න කට්ටිය දන්නවනේ කවුරු ගැනද කියන්නෙ කියල.)


ඔන්න ඉතින් එයාගෙ වාරෙ ආවම කැන්ටිමේ සීයගෙන් මොනව්ද ඉල්ලුව. සීයට තේරුනේ නෑ. ආයිත් ඉල්ලුව, ඒත් තේරුනේ නෑ. මමත් ඉතින් ඔන්න කන දාල බැලුව. "මට ක්‍රොක් බන් එකක් දෙන්න".

සීය බැරිම තැන කියුව, "කෝ දුවේ මට පෙන්නන්න මොක්කද ඕන කියල".

ඔන්න ඉතින් අපේ බැචී අත දික්කරල රාක්කයක කොනේ තිබුනු කිබුල බනිස් එකක් පෙන්නුව. මොනව කරන්නද ඉතින් අපි, යන්තන් අතින් කට වහ ගත්ත.


ප. ලි. : මට මේ කතාව මතක් උනේ අපේ කතන්දරගේ හාමිනේගෙ බඩු ලැයිස්තුව ... කතාව කියවල.

ප. ප. ලි. : අපේ ඔෆීසියේ මේවට ක්‍රොකඩයිල් සුගර් බන් කියලත් කියනව.





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

6 comments:

  1. හි..හි... පොශ් වෙන්න ගියාම ඔහොම වෙනවා...

    මම යන කාලෙ නම් මැක් කියලා එකක් තිබ්බෙ නෑ..

    කැන්ටින් වල කෙල්ලො කෑම ගනිද්දි නම් එපා වෙනවා..බඩු දෙන්න ඉන්න මනුස්සයා මොනාද ඕනෙ කියලා ඇහුවම තමා මොනාද ගන්නෙ කියලා හිතන්න පටන් ගන්නෙ...ඊට පස්සෙ ඉතින් ඇස් කරකවෝ කරකවෝ බලලා අරක මේක කියලා මොනාහරි ගත්තා කියමුකො..ඊට පස්සෙ තමා සල්ලි හොයන්නෙ..

    දවසක් මම ගොඩෙන් ඇහුවනෙ එළවළු රොටී හදලා තියෙන්නෙ එළවළු වලින්ද කියලා..හි..හි..
    දෙමළ කොල්ලෙක්ට උදව් කරන්න ගිහිල්ලා ඒක වුනේ..

    මේ ළඟදි ගියාම නම් දුක හිතුනා..කැන්ටින්වල ගහලා තියනවා පෝලිමේ ඇවිත් කෑම් ගන්න කියලා..

    ReplyDelete
  2. මේ ගැල්ළමයා පිටරට ඉඳලා ආපු කෙනෙක් වෙන්න ඕනෑ, ක්‍රොකඩයිල් කියන එක කෙටි කරලා කියන්නේ!

    මේ වගේ තව කෙනෙක් ගැන මං හුඟක් ඉස්සර කතන්දරයක් ලිව්වා, පාන්ස් සහ බෑග්ස් වගේ ටයිටල් එකකින්. හොයෙගෙන මෙතන ලින්ක් එකක් දාන්නම් පස්සේ.

    ReplyDelete
  3. ape fac eke lamayek dawasak canteen eke inna manussayagen illanawa "mata ara triangular shape ekata thiyena ewa ekak denna, ara medata potatoes daala thiyenne, " balana kota elawalu roti :)

    ReplyDelete
  4. ohoma ekak ape canteen eketh vuna,
    Junior nangi kenek ape kalu ayyata (canteen eka karapu kena) kiva
    "Kalu ayye mata two halpse denna " ?

    katavath terune nea, ellala tiyenne helapa 2k
    :)

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

Share/Bookmark

Recent Comments