Friday, March 16, 2012

අධ්වේගී පාර නිසා වැලේ වැල් නැතිවෙච්ච අයත් ඉන්නවද?


පහුගිය සතියෙ මම බස් එකේ මාතර යනගමන් කල්පනා කරේ ඉස්සර කාර් එකේ ගාලු පාර දිගේ මාතර යනවනම් අපි නවත්වන තැන් කොච්චර තියනවද කියල. අධ්වේගෙ ඇරියට පස්සෙ මම අඩුම ගානෙ 10 වතාවක් මාතර කොළඹ ගියා මගේ වාහනෙන්, හැබැයි එක පාරක් වත් කලුතර, අලුත්ගම, අම්බලන්ගොඩ හික්කඩුව හරහා ගාලු පාරෙන් නම් ගියේ නෑ.

ඉතින් මම කල්පනා කරේ ඔය මාතර කොළඹ පාරෙ ඉස්සර ගියපු කාර් වෑන් නතර කරපු කඩ, හෝටල් කොච්චර තියනවද? උදාහරනයක් විදිහට මම හුගක් දවසට මග්ගොන මෝනිස් එකේ නවත්තල මොනව හරි ගන්නව. සමහර දවසට රෑට කනවත් එක්ක. ඉතින් දැන් ඔය කඩවල බිස්නස් කොහොම වෙලාද මන්ද.


ඉතින් ඔය වැලේ වැල් නැතිඋනා කියල හිතන කඩවල ලැයිස්තුවක් හදන්න ඕන කියල මම හිතුව.

1. මග්ගොන මෝනිස්
2. මග්ගොන නිව් මෝනිස්
3. අලුත්ගම සිංහරාජ
4. කොස්ගොඩ ජාඩ් සමග බත් කඩේ
5. අම්බලන්ගොඩ පැරට් හන්දියේ කඩේ
6. රත්ගම තියන රෑ කඩ දෙක

ඉතින් මෙයාල සමහරුන්ට ගොඩ යන්න කරන්න පුලුවන් එක දෙයක් තියනව. ඒ තමයි අධ්වේග මාර්ගයෙ තියන තවම හදල ඉවර නැති හුවමාරු මධ්‍යස්තානයෙ කඩයක් අරින එක. නැත්නම් ඉතින් කඩේ මාතරින් එහා තැනකට ගෙනියන එක.

වැලේ වැල් නැති වෙච්ච තව කඩ තියනවද කියල මතක් කරල කියන්නකො බලන්න...


Image source : http://www.factsheet.diethelmtravel.com/srilanka/Lists/homepagenews/DispForm.aspx?ID=23

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

4 comments:

  1. මමත් ඔය අධිවේගී මාර්ගයේ ගියා. ඒත් ඒකෙ යන්නෙ කීයෙන් කී දෙනා ද? අධිවේගී මාර්ගය නිසා වැලේ වැල් නැතිවෙන කඩ පරණ පුරුදු පාරේ තියේවි යැයි සිතීම වැරදියි. මොකද තවමත් වැඩිදෙනා යන්නේ පරණ පුරුදු පාරේ නිසා.

    ඕනා නම් මඟ දී පාරෙන් ඉවත් වෙලා ඒ කඩ වලින් බඩු අරන් ආපහු පාරට එන්නත් පුළුවන්කම තියෙනවා නේද?

    අළුත් පාරේ යන සෙනඟ වැඩිවෙන කොට පරණ පාරේ ගිහින් ඒ කඩවලින් කන වෙනස් පිරිසක් බිහිවේවි. ඒ කඩ වලින් විකුණන දේවල් ගන්නම පරණ පාරේ යන අයත් සිටීවි.

    තෝරා ගැනීම් වැඩි වෙද්දී (පරණ පාරේ ද අළුත් පාරේ ද යන්නේ කියා මෙන්ම පරණ කඩ වලින් ද අළුත් කඩ වලින් ද කන්නේ කියාත්) දෙකටම වැඩියෙන් බිස්නස් මිසක් බිස්නස් අඩු වූ තැනක් නැහැ. හැමෝටම බිස්නස් නැති වෙලා යන්නෙ තෝරා ගැනීම් අඩු වෙද්දී පමණයි.

    ReplyDelete
  2. මම කොට්ටාවෙ ඉදලත් ඕකේ දවසක්වත් ගිහින් නෑ , ගාළු පාරෙ මුහුද ළගින් යනකොට තියෙන ආතල් එක කොයින්ද ඕකේ

    ReplyDelete
  3. මමනම් අලුත් පාරෙ යන්නෙ පහසුව සහ කාලය ඉතුරු වීම නිසා. ඉස්සර මට අඩුම ගානෙ පැය 3 මාරක් යනව මාතරට යන්න. අලුත් පාර නිසා වැඩිම පැය 2 මාරයි. අනික වාහනය එලවීමෙදි තියන ආතතියත් හිගක්ම අඩුයි.

    ReplyDelete
  4. මේ බ්ලොග් එකට ආපුවහම එලියට යන්ඩ හිතෙන් නැනේ.

    ReplyDelete

Share/Bookmark

Recent Comments