Wednesday, March 14, 2012

මගේ අලුත් අවුරුදු තෑගි ලැයිස්තුව...


අලුත් අවුරුද්දක් එනකොට හැමෝම කරන්නෙ තමන්ට දෙන්න තියන තෑගිවල ලැයිස්තුවක් හදන එකනේ. ඒත් මම හිතුව අනිත් අය මට දුන්නොත් හොද දේවල් ලැයිස්තුවක් හදන්න. මට අවුරුදු තෑගි දෙන අයගෙන් 99%ක්ම මේක දකින්නෙ නැති උනත් හදිස්සියෙවත් දැක්කොතින් කියල හිතල තමයි මේ ලියන්නෙ.

හැම අවුරුද්දටම ඉතින් මට ලැබෙන්නෙ ටී ෂ්ර්ට් කිහිපයක්, ෂ්ර්ට් කිහිපයක්, සරමක්, කලිසමක් වගේ තෑගිනෙ. ඉතින් මේ අවුරුද්දෙ මට ලැබුනොත් වටින්නෙ මේ තියන දේවල් තමයි.

1. ඔෆීස් දාන්න හොද සපත්තු දෙකක්.
2. හොද හම් සෙරෙප්පු කුට්ටමක්.
3. Android ෆෝන් එකට GPS නැවිගේෂන් ඇප් එකක්.
4. අලුතින් නිකුත් කරපු මුල් දින කවර ටිකක්.
5. රිමෝට් කන්ට්‍රෝලර් එකකින් වැඩ කරන හෙලිකොප්ට්ර් එකක්.

දැන්නම් ලැයිස්තුව දිග වැඩිද මන්ද. අවුරුද්ද දවස වෙනකම් බලන් ඉදිමු නේද ඉතින් කවුරු හරි මේක කියවල මොකක් හරි අරන් දේවිද කියල.

අවුරුදු උත්සවේ දවසෙදි හමුවෙමු ඉතින්.



Image source : http://www.tiptoptens.com/2011/09/25/best-christmas-gifts-2011/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

5 comments:

  1. හෙහ්.. හෙහ්..හෙහ්.. මාත් දාන්නෝන ලිසිටෙකක්!

    ReplyDelete
  2. අවුරුද්දට මිනිස්සු ඇඳුම් ගන්නේ 365 දවසෙම නිරුවස්තරෙන් උන්න වගේ...

    ReplyDelete
  3. එහෙනම් එකක් කෙරුනයි කියලා හිතා ගන්නකෝ
    http://forum.xda-developers.com/showthread.php?t=630887

    ReplyDelete
  4. අංක 05 ගැන අදහසක් තියෙනව ද...?

    ReplyDelete
  5. ඇත්තටම මම මේ බ්ලොග් එකට කැමතියි .මට මේ බ්ලොග් එක හිතට ඇල්ලුවා.

    ReplyDelete

Share/Bookmark

Recent Comments