Tuesday, January 17, 2012

සබ්වේ (SUBWAY) එකෙන් සබ්මැරීන් එකක් කෑවෙමි




ලංකාවෙදි සබ්මැරීන් එකක් කන්න මොකක්ද කරන්න ඕන? ඩයිනමෝ එකට ගිහිල්ල චිකන් හරි වෙජිටබල් හරි ටූන හරි සබ්මැරීන් එකක් ඉල්ලන එක විතරයි. එයාල කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතිව ඉක්මනටම අපිට ඒක හදල දෙනව.

ඒ උනාට සබ්වේ එකට ගිහින් සබ්මැරීන් එකක් ඉල්ලුවොත් තත්වය වෙනස්.

මේක මට උනේ කලිනුත් කියල තියන විදිහට මම ඕස්ත්‍රේලියාවෙ හිටපු දවස් වල. ඔන්න ඉතින් මෙල්බර්න් වල කොලින් වීදියෙ අපේ කන්තෝරුව ගාවම වගේ තිබුන සබ්වේ එකක්. මමත් ඉතින් හැමදාමත් ඕක දිහා බල බල කෙල ගිල ගිල හිටිය දවසක් කන්න ඕන කියල.

ඔන්න ඉතින් සල්ලිය බාගෙ අතේ තිබිච්ච දවසක් සබ්මැරීන් එකක් කනව කියල මම සබ්වේ එකට ගොඩ උනා.පලමු වතාවට ආපු නිසා පොඩ්ඩක් අනිත් අය ඉල්ලන්නෙ කොහොමද කියල බලල මමත් ගියා පෝලිමේ අගට. ඔන්න ඉතින් මගේ වාරෙ ආව.

සර් මොකක්ද ඕන සයිස් එක? 
දැන් කියන්න ඕන අගල් 6 එකක්ද 12 එකක්ද ඕන කියල.

ම්ම්ම්, අගල් 12 එකක්.

සර් මොන බනිස් එකටද ඔයා වැඩිපුර කැමති? 
දැන් ඉතින් ප්‍රදර්ශනය කරල තියන බනිස් ජාති 6න් කැමති එක මොකක්ද කියල කියන්න ඕන. අනේ මන්ද මොකක්ද වෙනස කියල, ඔන්න මම එක ජාතියක් පෙන්නුව.

සර් චිකන්ද? බීෆ්ද? පෝක්ද? ටූනද? සැමන්ද?

චිකන් චිකන්.

චීස් දානවද?

ඔව් දාන්න.

මොන චීස්ද?

බ්ලා බ්ලා බ්ලා

සලාද කොලත් දාන්නද?

හා.

එතකොට සෝස්?

හා දාන්න.

මොන සෝස්ද?

මොනවද තියෙන්නෙ?

බ්ලා බ්ලා බ්ලා.

එහෙනම් මේක දාන්න.

ටොපින් එක කොහොමද?

යකෝ මීට වඩා හොදයිනෙ සබ්මැරීන් නොකා හිටියනම්. මමනම් ඊට පස්සෙ එතනට සබ්මැරීන් කන්න ගියේ නෑ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

8 comments:

  1. අපෝ එතනින් නොකන එකමයි හොද?ඔහොම ප්‍රශ්ණ යන හැමෝගෙන්ම අහනවද දන්නෙ නෑ හිහ්:)

    ReplyDelete
  2. ඕක තමයි බන් කියන්නෙ අපායට ගියත් දන්න කියන කෙනෙක් එක්කල යන්න ඕනි කියල...

    ReplyDelete
  3. වැඩි අවුලක් නෑ අයියේ... ස්ටෙප් ටික තියෙනවා ඕනි දේ සිලෙක්ට් කරල කියන්න තියෙන්නේ... ඔලිව් ඇවකාඩෝ එහෙම ඕනිනම් පොඩ්ඩක් ගාන වැඩියි.

    සබ්වේ කන එක මැක්.. ක් ෆ් සී එහෙම කනවට වඩා හොඳයි.

    ReplyDelete
  4. මට නම් ධයිනමෝර් එකේ සබ්මැරීන් රසයි සබ්වේ එකේ එකට වඩා...

    ReplyDelete
  5. යකෝ මීට වඩා හොදයිනෙ සබ්මැරීන් නොකා හිටියනම්....
    :D :D :D

    ReplyDelete
  6. මට හිතාගන්න අමාරුයි මෙහෙම රස බ්ලොග් එකකට කට්ටිය අඩු ඇයි කියලා

    ReplyDelete

Share/Bookmark

Recent Comments