Wednesday, January 11, 2012

ඇන්ටි අක්කා

මේක උනේ ගිය අවුරුද්දෙ මම ඕස්ත්‍රේලියාවෙ ගිහින් හිටපු දවස්වල. (ඔන්න නයෙක් නෙමෙයි හොදෙයි.)

මම ඔන්න ඉතින් එක සති අන්තයක රෑ කෑම වේල ගොඩදාගනත් බලාගෙන අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. ඒ ඇන්ටි අම්මගෙ යාලුවෙක් වෙන්නෙ ලංකාවෙ හිටපු කාලේ අම්ම එක්ක එක ඉස්කෝලෙ උගන්නපු නිසා. නැත්නම් වයසින් නම් අපේ අම්මට වඩා මත තමයි කිට්ටු මම හිතන්නෙ.

ඉතින් පහුවෙනිද මගේ තව යාලුවෙක්ගෙන් දවල් කෑමකට ආරාධනයක් තිබුන. යාලුවෙක් කියුවට එයා තමයි රට යන්න කලින් මට හිටපු ඉංජිනියරින් මැනේජර්. මට වැඩිය අවුරුදු 8ක් විතර ජේ‍ය්ශ්ඨ මොරටුවෙ ඉංජිනේරුවෙක්. අපි එයාට රවි කියල කියමුකො.

ඉතින් මම කලින් දවසෙම රවිට කතාකරල කියුව මම අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර ඉන්නෙ, උදේට එයාල මාව රවිගෙ ගෙදරට ඇරලවාවි කියල. GPS එකෙන් පාර බලාගන්න ලේසියට ලිපිනයත් ඉල්ල ගත්ත.

ඔන්න ඉතින් පස්සෙන්ද උදෙන්ම අම්මගෙ යාලු ඇන්ටියි, එයාගෙ මහත්තයයි, බබාල දෙන්නයි එක්ක මම රවිගෙ ගෙදරට ගියා. නිකන් කතාකරල එන්න ඕන කියල ඇන්ටියි අන්කලුයිත් ගෙදරට ආව. දැන් තමයි හොදම වැඩේ. මම ඇන්ටි, අන්කල් කියුවට රවිත් එක්ක බලනකොට ඒ දෙන්න අවුරුදු 5ක් විතර වැඩිමල් ඇති. රවි මගේ යාලුව උනාට එයාට ඇන්ටි කියල කතා කරන්න බැහැනෙ.


රවි ඉතින් හොදට කල්පනා කරල අක්කෙ, අයියෙ කියල කාතාකරල ගේමට එන්ටර් උනා. ඔන්න ඉතින් ටිකකින් රවිගෙ නෝන කුස්සියෙ ඉදල ඇවිත් ඇන්ටි කියල බැස්සනෙ කතාවට.

රවිටයි මටයි ඇන්ටිගෙ මහත්තයටයි හිනාවෙ පන නෑ.....


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. අදයි මේ බ්ලොග් එක පැත්තට ආවේ ..

    ටිකක් විස්තර හොයපුවා පරණ බ්ලොග් කරුවෙක් ..ඊට අමතරව 2005 දි විතර තමයි බ්ලොග් කරණයට ඇවිත් තියෙන්නේ .....

    හදුනා ගැනිම බොහොම සතුටුයි

    ReplyDelete
  2. සමහරක් වෙලාවට කාටහරි ආමන්ත්‍රනය කරන්න ගියහම කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙනවා

    ReplyDelete
  3. මාත් මේ දවස් වල ඔය වගේ ප්‍රශ්නෙකට මූණපාල ඉන්නේ. මගේ සම වයසෙ යාළුවෙක් බඳින්න යනවා මම දන්න අක්ක කෙනෙක්ව. (පරතරේ මාස ගානක් උනාට ඉපදිලා තියෙන්නේ අවුරුදු 2ක ). යාළුවට අයියෙ කියන්නත් බෑ. පොඩි කාලෙ ඉඳන් අක්කා කියපු කෙනාට නමින් කතා කරන්නත් මොකද්ද මොකද්ද වගෙ..

    ReplyDelete

Share/Bookmark

Recent Comments