Monday, January 30, 2012

මෙන්න බොලේ කරන්ට් බිල නැගලා....

අපේ ඔෆීසියෙ කරන්ට් බිල නැගල. ජෙනරල් මැනේජර් මහත්තය ඊයක් එවලම කියල තිබුන හවසට යනකොට කොම්පියුටරේ නිවල යන්න කියල. හවසට හවසට ඒ මහත්තය කොම්පුටර් නිවලද කියල ඇවිල්ල බලනවත් දැක්ක. මටනම් ඉතින් වැඩිපුර බලපෑවෙ නෑ මොකද මගේ තියන ලැප්ටොප් එක කොහොමත් හවසට අකුලල මල්ල ඇතුලට දාගන්න නිසා.

පහුගිය සතියෙ තේ මේසෙදි අපේ කෙනෙක් යෝජනා කලා ඔය විදුලි බිල ඉතිරි කරගන්න හොද ක්‍රමයක්. මේක පියවරවල් ගානකින් කරන්න ඕන සැලසුමක්.


1. හැමෝටම ලැප්ටොප් එක ගානෙ දෙන එක. ලැප්ටොප් එකකට යන විදුලි ප්‍රමානය කොහොමත් අඩුයිනෙ.

2. ලැප්ටොප් එකට වැඩිපුර බැටරියකුයි බාහිර චාජරයකුයි දෙන එක. එතකොට දවසෙ වැඩ වලට ඕන බැටරි ප්‍රමානය ගෙදරදිම චාර්ජ් කරගෙන එන්න පුලුවන්නෙ. ඔපීසියෙ කරන්ට් ඉතුරුයි.

හැබැයි දෙවෙනි පියවරට වඩා හොද එකකුත් තියනව. ඒක වෙන්නෙ මෙහෙමයි.


හැමෝටම පොඩි පඩි වැඩි වීමක් දීල ගෙදරට ඉන්ටර්නෙට් ගන්න කියනව. ලැප්ටොප් එක ගෙදර තියන් ගෙදර බිලෙන්ම ඔපීසියෙ වැඩ කරන්න පුලුවන්නෙ එතකොට. ලයිට් වලට යන වියදමත් ඉතුරුයි ඔපීසියට.

හික් හික්....



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. ගෙදර ඉදං වැඩකොරන එක තමා ලාබම......

    ReplyDelete
  2. ගෙදර ඉඳන් වැඩකරන එක හරියන්නේ නැහැ, එතකොට පැය 24ම ඔෆිස් ටයිම් වෙන්න තියෙන ඉඩ කඩ වැඩී :-D

    ReplyDelete

Share/Bookmark

Recent Comments