Friday, January 13, 2012

හිගන්නෙක් බස් එකට නැග්ගොත් කීයක් දෙනවද???




ඉස්සර හිගන්නෙක් බස් එකකට නැගල හිගමනක් ඉල්ලුවොත් සාමාන්යයෙන් අපි දෙන්නෙ සත පනහක්, රුපියලක් වගේ බස් එකෙන් ඉතුරුව ලැබිච්ච පොඩි සල්ලි වලින් කොටසක්.

අද මම ආපු බස් එකට හිගන මනුස්සයෙක් නැග්ගා. එක කකුලයි තියෙන්නෙ, මමනම් කලිනුත් දැකල තියනව බස් වල හිගාකනව. මම දැකපු ප්‍රධානම දේ තමයි හැමෝම වගේ දුන්නෙ රුපියල් 10 කොල බව. මම ඉතින් කල්පනා කරේ අඩුම ගානෙ 8 දෙනෙක් වත් මෙයාට සල්ලි දුන්න. ඒ කියන්නෙ රුපියල් 80ක්. බස් 5කින් මෙහෙම ලැබුනනම් රුපියල් 400ක්, මාසෙකට දවස් 30ක් කියල ගත්තොත් අඩුම ගානෙ 12000ක් නේද?  

අද කාලෙ දවල්ට ඇවිත් ගෙදර වැඩ කරල දෙන කෙනාටත් දෙන්නෙ රුපියල් 300ක් හරි 350ක් හරි, ගාමන්ට් එකක වැඩ කරන්න 10000ක් විතර. එහෙම බලනකොට හිගා කන එකත් නරකම නෑ නේද?



Image source: http://upload.wikimedia.org/wikipedia/commons/9/95/Jacques_Callot_Beggar.jpg

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

11 comments:

  1. අනිවා හිගන්නේක් මාසෙට 20 000 කට වඩා හොයනවා මටනම් හිතෙන්නේ,ගාල්ලේ පොරක් ඉන්නවා මිනිහා හවසට බාර් එකට එනවා,මිනිහා ගෑන පොඩ්ඩක් මම බාර් එකේ වඩ කරන කොල්ලෙක් සෙට් කරන් හොයලා බෑලුවා මිනිහා කවදාවත් ගල් බොන් නෑතිලු,වයිට් රම්,ඔල්ඩ් කෙග් හරිලු බොන්නේ ඉතින් හිතා ගන්න පුලුවන් නේද ඉන්කම් එක,මිනිහට දවට සල්ලි දෙන මිනිස්සු එතන ඇවිත් ගල් බොද්දි අරු විස්ලි බොනවා.....

    ReplyDelete
  2. හිඟන මුදලාලි එයාගේ පංගුව ගත්තම හිඟන්නට එච්චර ඉතුරු වෙන්නේ නැහැ. අසංක කිව්වා වගේ අඩියක් ගහලා, බඩුවක් බලල ඉන්නකොට අපි කාටත් වගේ ඉතුරුවක්‌ නැතුව ඇති.

    ReplyDelete
  3. මේකයි ඔතන සීන් එක...අපි ඕක ලේසි වැඩක් කියලා හිතුනට නිකම්ම ගිහින් හිඟාකන්න බෑ...මොකද හිඟන්නන් පිටිපස්සේ මුදලාලිලා ඉන්නවා..මුදලාලිගෙ මැරයෝ අනිත් හිඟන්නන්ට ඒ පැත්තේ ඉන්න දෙන්නෙ නෑ..
    ඒක නිසා හිඟාකන්නෙ ගොඩක් ඇත්ත හිඟන්නො නෙමෙයි...

    ReplyDelete
  4. මම නං හිතන්නෙ එයාල හම්බකරන ගාන ඔයිට වැඩියි.

    ReplyDelete
  5. බස් එකක සින්දු කියනවා නම් ගාන හොඳටම වැඩියෙන් හොයන්න පුලුවන්...අසාංග පියමන්තගෙ සින්දුවක් දෙකක් හොඳාට කියල රබාන දික් කරපු ගමන් සීයෙ කොලත් දෙකතුනක් වැටෙනවා..මමත් සින්දු ලස්සනට කිවොත් දහයක් දෙනවා...සාමාන්යයෙන් බස් එකක් එක පාරට 600ක් ලේසියෙන්ම ගොඩ දාන්න පුලුවන්..දවසකට බස් 8කට නැග්ගොත් 4800 දවසට.මාසෙට දවස් 25ක් වැඩ කලොත් 120000...නරක නැ...20000ක් කැමටයි අනික් ඒවටයි අයින් කලොත් ලක්සයක්ම ඉතුරුයි..නියම ජොබ් එක කරනවනම්..දවසට වැඩියෙන් මහන්සි උනොත් ලක්සෙ වටිනාකම දෙක කරගන්න එක අමාරු නැ..මටත් හිතෙනව බස් එකකට නැගල සින්දු කියන්න අප්පා

    ReplyDelete
  6. බස් එකක සින්දු කියනවා නම් ගාන හොඳටම වැඩියෙන් හොයන්න පුලුවන්...අසාංග පියමන්තගෙ සින්දුවක් දෙකක් හොඳාට කියල රබාන දික් කරපු ගමන් සීයෙ කොලත් දෙකතුනක් වැටෙනවා..මමත් සින්දු ලස්සනට කිවොත් දහයක් දෙනවා...සාමාන්යයෙන් බස් එකක් එක පාරට 600ක් ලේසියෙන්ම ගොඩ දාන්න පුලුවන්..දවසකට බස් 8කට නැග්ගොත් 4800 දවසට.මාසෙට දවස් 25ක් වැඩ කලොත් 120000...නරක නැ...20000ක් කැමටයි අනික් ඒවටයි අයින් කලොත් ලක්සයක්ම ඉතුරුයි..නියම ජොබ් එක කරනවනම්..දවසට වැඩියෙන් මහන්සි උනොත් ලක්සෙ වටිනාකම දෙක කරගන්න එක අමාරු නැ..මටත් හිතෙනව බස් එකකට නැගල සින්දු කියන්න අප්පා

    ReplyDelete
  7. 2007 අවුරුද්දේ කොට්ටාව හන්දියේ හිටපු හිඟන්නො නිරීක්ශන කරලා කරපු අපේ ගණනය කිරීම් අනුව ඒ දවස් වල 76000 ක දළ අගයකට කොහොමත් වැඩි මුදලක් හොයනවා.. ඒකේ ලස්සනම වැඩේ කියන්නේ අපි ගණන් හැදුවේ සෑහෙන ලොකු විවේක කාල, නිවාඩු එහෙමත් සලකලා..

    දැන්නම් මම හිතන්නේ ගොඩාක් වැඩි ඇති

    ReplyDelete
  8. ඔය කිසිම දෙයක් පෙනෙන තරම් ලේසිත් නැහැ. ලාභත් නැහැ. මුදලාලිට උනත් එහෙමයි. මිනිහටත් තව ඉහල තැනකට කප්පං ගෙවන්න තියෙනවා.

    ReplyDelete
  9. Good day! I could have sworn I've visited this site before but after browsing through some of the posts I realized it's new to me. Regardless, I'm definitely happy I came across it and I'll be book-marking it and checking back often!

    ReplyDelete
  10. Aw, this was an exceptionally nice post. Taking the time and actual effort to create a superb article… but what can I say… I hesitate a lot and don't seem to get anything done.

    ReplyDelete

Share/Bookmark

Recent Comments