Tuesday, January 3, 2012

කෝකියෙක් වුනු ඉංජිනේරුවෙකු හමුවිය...

අලුත් අවුරුද්දෙ මුල්ම සටහන. නමුත් මම අකමැති සිදුවීමක්.

පහුගිය දවසක පරණ යාලුවෙක් රට ඉදන් ලංකාවට ඇවිත් අපේ ගෙදරටත් පොඩි විසිට් එකක් දැම්ම. මිනිහ මගේ පහල බැජ් එකේ රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරුවෙක්.

ඉතින් අපේ කතා නායකය අවුරුදු 3ක් විතර මෙහේ ජොබක් කරකර ඉදල M.Sc. කරන්න කියල ඕස්ත්‍රේලියාව පැත්තෙ ගියා. ඒක ඉවර කරල දැන් මිනිහ කරන්නෙ ආපන ශාලාවක ක්ෂනික කෑම හදන එක. අපරාදෙ නේද ඉංජිනේරු උපාධිය. වෙන කාට හරි ඒ අවස්තාව තිබුනනම් මීට වඩා ප්‍රයෝජනයක් ගන්නත් තිබුන නේද?


මේ කාරනයට හේතු කිහිපයක්ම බලපානව මට හිතෙන විදිහට.

1. ඔස්ත්‍රෙලියාවෙ රසායන ඉංජිනේරුවන්ට රස්සා අඩුයි.
2. හිගක් බටහිර රටවල පුද්ගල තත්වය රස්සාව මත බලපවත්නෙ නෑ, ඉතින් මොන රස්සාව කරත් එකයි.
3. හොද පඩියක් ලැබෙනව නම් මොනව කරත් මොකද?

ඒත් ඉතින් ඉංජිනේරු උපාධිය....


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

5 comments:

  1. අපරාදේ නේද ඩිග්‍රි එක.

    ReplyDelete
  2. උපන් රටට වැඩක් නැහැනේ බං ඩිග්‍රිය ඉංජිනේරු උනත් රට ඇරලා ගියාට පස්සේ.....,

    ඉංජිනේරු උපාධියෙන් වැඩිම ප්‍රයෝජනය තියෙන්නේ අපි වගේ දුප්පත් රටවලට නොවැ.

    සරුංගලේ වරල් සැලේ
    නිසංසලේ ගුවන් තලේ
    අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
    උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

    සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
    සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි
    සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයි
    සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

    සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
    සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
    සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
    සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි

    ගී පද: මහැදුරු සුනිල් ආරියරත්න
    ගී නද: විශාරද නන්දා මාලිනී

    ReplyDelete
  3. විදුල මචං මම ඔස්ට්‍රේලියාවේ තත්වය දන්නේ නැහැ එච්චරම, නමුත් ඇමරිකාවේත් ඔහොම ඉන්න අය ඉන්නවා..මේ වගේ රටවල උන්ගෙ මොනව හරි කරේ නැත්නම් ගනන් ගන්නේම නැහැ.. සමහර ග්‍රීන් කාඩ් හම්බවෙලා ආපු අය ඉන්නවා ලංකාවේ ඩ්‍රයිවර්ලා පවා තියා ගෙන හිටපු අය, ෂෙඩ් වල, සුපර් මාකට් වල වැඩ...මේ වගේ තැන් වලට එනව නම් ඉගෙන ගන්නත් බලන් එන්න ඕන..

    ReplyDelete
  4. //හිගක් බටහිර රටවල පුද්ගල තත්වය රස්සාව මත බලපවත්නෙ නෑ, ඉතින් මොන රස්සාව කරත් එකයි.//

    අපිට කවදා එහෙම කාලයක් උදාවෙයිද

    ReplyDelete
  5. නැ එකේ ප්‍රශ්නයක් නැ ඉංජිනේරු උපාදිය ගන්නේ ඉංජිනේරුවෙක් වෙන්නම නෙවේනේ. මගේ හොඳම යාලුවෙක් ඉන්නවා දොස්තර වරයෙක් හැබැයි රජයේ රෝහලකවත් පෞද්ගලික රෝහලකවත් වැඩ කරන්නේ නැ මිනිහා පරිගණක ආනයනය කරනවා ඒවා හදනවා.

    ReplyDelete

Share/Bookmark

Recent Comments