Sunday, November 9, 2008

මම මියා... (Film MAMA MIA)

movie poster

මේ සටහන ලියන්න පටන් අරගෙන හුග දවසක් වෙනව, ඒත් ඉවර කරන්න බැරිවුනා. කොහොම හරි අද ඉවරකළා.

කාලෙකට පස්සෙ නියම චිත්‍රපටයක් බැලුවා. MC හෝල් එකට ගියේනම් කලින් හිතල එහෙම නෙමෙයි. ඒත් වැරදිලා හරි බලපු ෆිල්ම් එකනම් නියමයි.

මේක අපි කවුරුත් 70 දශකයේදි දැකපු, අහපු ABBA සංගීත කණ්ඩායමේ ගීත යොදල හදපු චිත්‍රපටයක්. හැබැයි මුල ඉදන් අගට යනකම් මාරම මාර ජොලි.

ෆිල්ම් එක බලන්න යනවනම් යන්න ඕන ෆුල් ජොලි කරන්න බලාගෙන. මම සාමාන්යයෙන් මේවගේ ෆිල්ම් බලන්නෙ නෑ. ඒත් මේක ස්ංගීතමය ෆිල්ම් එකක් නිසාද මන්දා මම පුදුම විදිහට රසවින්දා.

කතාව සැකවින් කියනවනම් මෙහෙමයි.

සොෆියා ලගදි විවාහ වෙන්න යනව. එයාට ඕන එයාගෙ තාත්තා විවාහයට ගෙන්නගන්න. හැබැයි තාත්ත ගැන අම්ම කිසිදෙයක් කියල නෑ. ඉතින් අම්මගෙ දිනපොතෙන් සොෆිය එයාගෙ තාත්ත වෙන්න පුලුවන් තුන්දෙනෙක් ගැන හොයගන්නව. ඇත්තටම සොෆියාගෙ අම්මවත් හරියටම දන්නෙ නෑ මේ අයගෙන් සොෆියාගෙ තාත්ත කවුද කියල. ඉතින් සොෆියාගෙ ආරාධනාව මත මේ තුන්දෙනාම විවාහයට සහභාගි වෙන්න එනව.

ඉතින් ඉතුරුටික ෆිල්ම් එක බලලම ධැනගන්න එක හොදයි. නැත්නම් කිසිම රසයක් නෑනෙ...


ABBA is posing on the same photo 2008; they haven't done that since 1986! From left to right Benny Andersson (ABBA), Pierce Brosnan (Sam), Amanda Seyfried (Sophie), Meryl Streep (Donna), Agnetha Fältskog (ABBA), Frida Lyngstad (ABBA), Christine Baranski (Tanya), Colin Firth (Harry), Catherine Johnson (writer), Phyllida Lloyd (director), Judy Craymer (producer), Björn Ulvaeus (ABBA) and Dominic Cooper (Sky).

--
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

8 comments:

  1. හොඳ එකක්‌ කියල යාලුවො ගොඩ දෙනෙක්‌ කිව්වා... තාම බලන්න ලැබුනෙ නම් නෑ...

    ReplyDelete
  2. අපූරුයි! ටොරන්ට් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් හරි ලින්ක් එකත් දැම්මනං තමයි හරි.
    :P

    ReplyDelete
  3.  :(
    මාත් බලන්න පෙරුම් පුරාගෙන හිටියා.. ඒත් ජන ගඟේ ගිලෙයි කියලා යන් බැරිවුණා..
    බලමුකෝ..

    ReplyDelete
  4. හහාහාහාහාහාා මටත් Aussi ඉන්න යාළුවෙක් තමයි බලන්න කිව්වේ ඉතිං මම ලංකාවේ හැම තැනම හොයලා එක කඩේක තිබිලා අරන් බැළුවා. මමත් බොහොම ආස වුනා.. තාමත් ආසයි අපූරුයි... සංගීතය නිදහස ආදරය ... හැමදේම !

    ReplyDelete
  5. මමත් ෆිල්ම් එක භාගත කරන්න ටොරන්ට් එකක් හෙව්වා. ලැබිච්ච ඔක්කොම කැමරා කොපි. තාම ෆිල්ම් එක අලුත් නිසා වෙන්න ඇති.

    @Malee
    ෆිල්ම එක ගත්තු තැන කියන්න පුලුවන්ද? මටත් ආසයි DVD එකක් අරගෙන තියාගන්න.

    ReplyDelete
  6. සොරි මම දැනුයි දැක්කේ ගත්තේ නම් පානදුරෙන්

    ReplyDelete
  7. http://torrents.thepiratebay.org/4501658/mama_mia.4501658.TPB.torrent

    ReplyDelete

Share/Bookmark

Recent Comments