ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Friday, September 21, 2012
ඔන්න 'ස' DVD එක එනවලු....
මේක වික්ටර් රත්නායක ගී ලෝලීන්ට හොද ආරංචියක්. අවසාන 'ස' ප්‍රසංග මාලාවෙ රූපමය තැටිය හෙට (22 සෙනසුරාදා) නිකුත් වෙනවලු. වැඩි විස්තරයක්නම් හරියටම දන්නෙ නෑ. හැබැයි කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලා පරිශ්‍රයේ තියන මිහිසර මැදුරේදී (නම හරිමද දන්නෙ නෑ) හෙට හවස 6ට තමයි මේක සිදුවෙන්නෙ.
ඔන්න කැමති සියල්ලෝම සහභාගි වෙත්වා...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Friday, September 14, 2012
ශ්වේත රාත්‍රිය අවසාන රාත්‍රිය නැරබුවෙමි.
හරියටම පැය 2ක් කලා වැවෙන් ගත් දිය දෝතක් සේ ගෙන් පටන් ගෙන ඔබයි රම්‍ය සද කිරණ තෙක් දෙවෙනි වරටත් රස වින්දෙමි.
මම මුලින්ම ඒක පුද්ගල ප්‍රසංගයක් විදිහට මීට අවුරුදු 25කට විතර කලින් මාතර රාහුල විද්‍යාලයේදි පවන රසවින්දා මතකයි. එදා මෙදා තුර වික්ටර් රත්නායකයන්ගේ 'ස' හැර වෙනත් කිසිම ඒක පුද්ගල ප්‍රසංගයක් මම රසවිදලා නැහැ.
ඉතින් සිරස විසින් ස්වේත රාත්‍රිය පටන් අරගෙන කොලඹ, ගාල්ල, මාතර ප්‍රසංග තියල ඒව බලන්න බැරිවෙනකොට මේක කවදාවත්ම බලන්න බැරිවේවි කියල ලොකු බයකුත් මට ඇතිවුනා. ඒත් පහුගිය අවුරුද්දෙ සැප්තැම්බර් 4 වෙනිදා යාලුවෙකුගෙන් හම්බවෙච්ච ටිකට් නිසා යන්තම් ඒ ආසාව ඉෂ්ථ කරගන්න ලැබුන.
ඉතින් අද මේක බැලුවෙ දෙවැනි වතාවට. ටිකට් ගන්න කාපු කට්ට නිමක් නෑ. උදේ 7 ඉදන් 9 වෙනකම් මහ වැස්සෙ රත්මලානට වෙලා පෝලිමේ හිටිය. හැබැයි මට 4 දෙනෙකුට ඉස්සරහින් ටිකට් ඉවර උනා. ඒත් 13 වෙනිදට දාපු වැඩිපුර ප්‍රසංගයට. 14 ටිකට් කොහොමත් ඉවර වෙලා තිබුනෙ.
කොහොමින් කොහොමහරි පෙර පිනක් වැඩකරල ආරාධනා පත්‍රයක් ලැබුන 14 වෙනිද අන්තිම ශෝ එකම බලන්න.
හරියටම 7ට පටන් අරගෙන, පුරා පැය 2ක්, ගීත 25ක්.
1. කලා වැවෙන් ගත් දිය දෝතක් සේ.
2. සුළං කපොල්ලේ.
3. යොවුන් වසන්තයේ.
4. ධර්මාධිකරණය.
5. පූජාසනයේ ඔබ හිදුවා.
6. සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව.
7. පානං පත්තුවේ ඩිංගිරි අම්මාය.
8. විලක් උනත් නිල් දිය පිරි විලක් නොවේ.
9. සද එලිය ගගක් වී මා නුවන් ඉවුරේ.
10. ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි.
11. ආලය වන් මනරම් කවිකම් දෙන.
12. දෙවියන් විසින් දුන් පඩුරක් ලෙසින්.
13. රුවල් ඉරී ගිය නෞකාවේ.
14. ප්‍රේමය නම් රාගයෙන් තොර.
15. කුරුටු ගෑ ගී පොතේ.
16. මුලු නුවරම නිදිගත් මේ මොහොතේ.
17. පෙරදා මහ රෑ.
18. තරුද නිදන මහ රෑ.
19. ලොවම එපා වී - ලොවම කල කිරී.
20. මගේ දේශය - මගේ ජාතිය.
21. මගේ සද ඔබ මගේ සද ඔබ.
22. කඩ මණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී.
23. අහස සේ ඔබ අනන්තයි.
24. පෙම් ලොවෙදී දුටු ඔබමද මේ.
25. ඔබයි රම්‍ය සද කිරණ.
ඇත්තටම සිංදු ටිකක් වීඩියෝ කරල දානව කියල හිතාගෙන කැමර එකත් අරගෙන ගියේ, නමුත් වාඩි වෙන්න ලැබුනු තැන අනුව ඒක කරගන්න බැරිව ගියා. ඒ උනත් සිරස විසින් DVD එක ගහනව කියල තමයි ආරංචිය නම්. කොහොම උනත් 'ස' අවසානය වගේ හුගක් හැගීම් බර නම් උනේ නෑ මට.
සිංහල සුභාවිත ගීතය විනාශයට යම් පමනකට වගකියන්න ඕන උනත්, දැන් ඒක ගොඩගන්න යම් පමනකට උත්සාහයක් දරන සිරස, අපිට තවත් යම් නැවුම් දෙයක් දේවි කියන විශ්වාසයෙන් ඉවසගෙන බලන් ඉන්නව.
නන්දා මාලිනියේ, ඔබට තවත් බොහෝ කලක් අපිව රසවත් කිරීමට ශක්තිය ලැබේවා....!!!
Image Source : http://www.side.gossiplankanews.com/2012/03/shwetha-rathriya-goldenachievement-of.html
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Labels:
නන්දා මාලිනි,
ශ්‍රී ලංකාව,
ශ්වේත රාත්‍රිය,
සිරස,
සිංහල සුභාවිත ගීතය
Wednesday, August 22, 2012
පොටෝ ගහනවනම් මෙන්න මෙහෙම ගහන්න ඕන...
මේක ඊයෙ හීයකින් ලැබුච්ච පිංතූර ටිකක්. නමුත් වැදගත්කම සහ දෙන පණිවිඩය නිසාම බෙදාගන්න හිතුන.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Monday, August 20, 2012
From: Sachi To: Nimal
ඔන්න ඉතින් අපේ ඔපීසියට අලුතින් ටික දෙනෙක් වැඩට ගත්ත. ඒ දැන් මාස 6කට විතර කලින්. මුන් ටික ඉතින් වැඩ එහෙම හොදට පුරුදුවෙලා හරියත සෙට් වේගෙන එනකොට දවසක් ආව මෙයින් එක්කෙනෙක්ට රෑ වෙනකම් වැඩ කරන්න වෙච්ච.
අපේ වගේ IT කොම්පැනි වල රෑ වෙනකම් වැඩ සෙට් වෙනව කියන්නෙ රෑ කෑමයි, ගෙදරටම ප්‍රවාහනෙයි නොමිලෙම හම්බ වෙනවයි කියන එකනෙ. ඉතින් අපේ අලුත් බුවත් රෑට හොදට කාල එහෙම 10ට විතර කැබ් එකක් ගෙන්න ගත්තලු බෝඩිමට යන්න.
අපි කැබ් වලට අතින් සල්ලෙ දෙන්නෙ නෑ. ණය පතක් තමයි දෙන්නෙ නැත්නම් ක්‍රෙඩිට් හයර් එකක් කියල තමයි ඕකට කියන්නෙ. ඉතින් ගමන ඉවර වෙලා පොඩි පෝරමයක් තියනව පුරවල ඩ්‍රැයිවර්ට දෙන්න. අපේ බුවත් බෝඩිම ගාවට ගිහින් ඕක පුරවන්න පටන් ගත්තලු.
ටික වෙලාවකින් මේක ඩ්‍රයිවර්ගෙ පැත්තට හැරිල, අයියෙ ඔයාගෙ නම මොකක්ද? මිනිහ ඉන්නවලු ඇහුනෙ නෑ වගේ, මේකට මොකටද මගේ නම කියල
අයියෙ, නම කියන්නකො... ආයිත් සද්දයක් නෑ. මොකක්ද අයියෙ නම කියන්නකො මට මේක පුරවල ඉවරයක් කරල දාන්න.
ඩ්‍රැයිවරයටත් දැන් මල පැනල. මල්ලි වෙනදට මගේ නම ඕන වෙන්නෙ නෑනෙ. හරි එහෙනම් ලියාගන්නවකො නිමල් කියල.අපේ බුවත් ඔන්න පුරවල දීල ආව.
බලනකොට පොර ලියල තියෙන්නෙ:
From: සචී
To: නිමල්
ප.ලි.: ටියුබ් ලයිට් කට්ටිය උඩ තියන පෝරමේ බලන්නකො. ඒත් ටියුබ් ලයිට්නම් කරන්නම දෙයක් නෑ ඉතින්.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Thursday, August 16, 2012
මේ ඌරො ටික කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු.
මේ දවස්වල කට්ටියක් ගජරාමෙට වැඩවර්ජනේනෙ. මම කියන්නෙ මේ අපේ ආචාර්යවරුන් ගැන නෙමෙයි, අනිත් කට්ටිය ගැන. අර දවල් 12ට කලින් නාවොත් මොනවද කරනවයි කියල තිබුනු...
ඉතින් මේගොල්ලො ඉස්ට්‍රයික් නිසා එතන වැඩ කරන මැවිසුරො ටිකටනම් මාර වාසියි. හෝ ගාල නයිට් ඩියුටි. ඒවට ඉතින් ඕවර්ටයිම් එහෙමත් ගෙවනව ඇතිනෙ.
මට මතක් උනේ ඊයෙ පෙරේද ඔය කට්ටිය වැඩ කරන ලංකාවෙ තියන පාඩු ලබන ආයතනයෙ වෙච්ච දේවල් ටිකක්. ලගදි තිබුන ඕකෙ වැඩකරන මැවිසුරන්ගෙ වාර්ශික මහා සභා රැස්වීම. ඉතින් පොඩි රැෆල් ඩ්‍රෝ එකකුත් තිබුනලු. ඒකෙ තුන්වැනි තැන මගේ යාලුවෙකුට ඇදුන කියල තමයි ආරංචි. වැඩිය නෑ, රු: 50000 විතර වටින හෝම් තියටර් සිස්ටම් එකක්ලු. මොකක් හරි අහිංසක කොම්පැනියක් වියදම දරන්න ඇති, අපේ ලයිට් බිලෙන්ම ගියාද දන්නෙත් නෑ. තව ඒකට ආපු හැම නෝන කෙනෙක්ටම තෑගි ලෑස්තිකරල තිබුනලු. මේසෙ උඩ තිබුනු ජාති 5කින්ද කොහෙද කැමති එකක් තෝරගෙන ගෙනියන්න පුලුවන්ලු.
ලංකාවෙ අඩුවෙන්ම ලෙදවෙන මිනිස්සු වැඩ කරන්නෙත් මෙතනම තමයි. මොකෝ අවුරුද්ද අන්තිමට ඉතිරුවෙච්ච ලෙඩ නිවාඩු ටිකට පඩි දෙනවනෙ. ඉතින් කවුරුවත් ලෙඩ වෙන්නෙ නෑ. අනිත් නිවාඩු ජාති විතරයි යන්නෙ. අනේ අනිච්චන් සංසාරේ...
ප.ලි.: මේක ලියල ඉවර වෙලා දානවද නැත්ද කියල හුගක් වෙලා හිතල 'ඇත්තනෙ ලියල තියෙන්නෙ, බැනුම් ඇහුවත් මොකද කියල' ඔන්න දාල දැම්ම. වැරදි මොනව හරි ලියල තියනව කියල තේරෙන කවුරුහරි ඉන්නවනම් කොමෙන්ටුවක් දාල දැනුම් දෙනව හොදයි.
Image Source: http://romanceaddict91.wordpress.com/tag/electricity/
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Thursday, August 9, 2012
ඒ අම්මා අද ජීවත්ව සිටියානම්.....
මහ රෝහල අසලින් කලබලයෙන් දුවවිත් බසයට නැගුනු කෙට්ටු හීන්දෑරී තරුනයන් දෙදෙනෙකි.
1. මචං, උබ සිංදුවක් ලියන්න ඕන මේ දැන්මම.
2. මොන සිංදුද බං මේ වෙලාවෙ. අම්ම හොදටම ලෙඩවෙලා ඉස්පිරිතාලෙ.
1. ඒක තමයි මමත් කියන්නෙ, උබ දැන් අම්ම ගැන සිංදුවක් ලියන්න ඕන.
ඒ කියු අයුරින්ම ඒ ගීතය ලියවිනි. ගීතය ඇසීමට ඒ මෑණියන්ද වාසනාවන්ත වූවාය.
පලමුවැන්නා වෙන කවුරුවත් නොව වික්ටර් රත්නායකයන්ය. දෙවැන්නා ප්‍රේමකීර්ති ද අල්විස් ය.
ගීතය "ආදරයේ උල්පත වූ අම්මා" ය.
එදා මෙදා තුර මා අසා ඇති හොදම මවුගුන ගීතය මෙයවන අතර වික්ටර් රත්නායකයන් විසින් යොදන ලද මධුර තනුවද එයට බලපා ඇතැයි සිතමි.
පසු කලෙක වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගයකදී හැඩූ කදුලින් යුතුව ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මෑණියන් විසින් මුල්වරට අසන ලද බව කවුරුන් විසින් හෝ මෑතකදී ගුවන් විදුලියේ පවසනු ඇසීමි.
නමුත්, වැඩිහිටියෙකු වශයෙන් ඔබගේ ඇසුර ලැබීමට අපි පින් කර නැත්තෙමු.
පේමකීර්ති ද අල්විස් - ඔබ වෙනුවෙනි මේ සටහන.
ප.ලි.: වික්තර් රත්නායකයන් 'ස' සමාප්ත කරන අවස්තාවේ ඔබ ජීවතු අතර සිටියානම් යැයි මට බොහෝ වර සිතුනි.
Image Source: http://www.dinamina.lk/2011/08/01/_art.asp?fn=f1108014&p=1
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Tuesday, July 24, 2012
රතු කෙස් ළමයගෙ උත්තරේ...
මතක ඇතිනෙ රතු කෙස් ළමයගෙ කතාව. ඔන්න ඒකට උත්තරේ අරගෙන ආව. ශෂී හරියට උත්තර දීල තිබුන. ඉතින් මම හිතුව පැහැදිලි කෙරීමක් එක්කම උත්තරය දෙන්න.
මේක ඇත්තතම ටිකක් අමාරු බුද්ධි පරීක්ෂන ගැටලුවක්. නියමිත කරුනු ටික හරියට දැක්කෙ නැත්නම් උත්තරය කියන්න බැරිවෙන. දැන් බලමු කොහොමද මේක විසදන්නෙ කියල.
පලමුවෙනි දත්තය: වයස් වල ගුණිතය 36ක් වීම. ඒ කියන්නෙ අපිට ලියල බලන්න වෙනව වියහැකි අවස්තාවන් සියල්ලම. ඒ ගමන්ම එකතුවනුත් ලියමු.
1 x 2 x 18 = 36 --> 1 + 2 + 18 = 21
1 x 3 x 12 = 36 --> 1 + 3 + 12 = 16
1 x 4 x 9 = 36 --> 1 + 4 + 9 = 14
1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
2 x 3 x 6 = 36 --> 2 + 3 + 6 = 11
3 x 3 x 4 = 36 --> 3 + 3 + 4 = 10
දැන් මෙතනදි තමයි අපිට දෙවැනි සහ තුන්වැනි දත්තයන් ඕන කරන්නෙ. දෙවැනි දත්තය තමයි එකතුව ඉස්සරහ ගෙදර ජනෙල් ගානට සමාන වීම. අපිට ජනෙල් ගනන නොපෙනුනාට ගැහැනු දෙදෙනටම ඒක පෙනෙනව. ඉතින් එක ගැහැනු කෙනෙක් දත්තයක් අඩුයි කියන එකෙන් අදහස්වෙන්නෙ ගෙදර ජනෙල් ගනනට හරියන උත්තර දෙකක් හෝ වැඩි ගනනක් තියන බවයි.
1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
ඒ කියන්නෙ ගෙදර තියෙන්නෙ ජනෙල් 13යි. මෙතන ඉදන් වැඩේ හරිම ලේසියි. එක්කො නිවුන් ලොකු පුතාල දෙන්නයි, නැත්නම් එල ලොකු පුතෙක් එක්ක නිවුන් පොඩි පුතාල දෙන්නයි. ඉතින් රතු කෙස් තියෙන්නෙ ලොකු පුතාට නිසා උත්තරය වෙන්නෙ 2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
2 - 2 - 9
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
මේක ඇත්තතම ටිකක් අමාරු බුද්ධි පරීක්ෂන ගැටලුවක්. නියමිත කරුනු ටික හරියට දැක්කෙ නැත්නම් උත්තරය කියන්න බැරිවෙන. දැන් බලමු කොහොමද මේක විසදන්නෙ කියල.
පලමුවෙනි දත්තය: වයස් වල ගුණිතය 36ක් වීම. ඒ කියන්නෙ අපිට ලියල බලන්න වෙනව වියහැකි අවස්තාවන් සියල්ලම. ඒ ගමන්ම එකතුවනුත් ලියමු.
1 x 2 x 18 = 36 --> 1 + 2 + 18 = 21
1 x 3 x 12 = 36 --> 1 + 3 + 12 = 16
1 x 4 x 9 = 36 --> 1 + 4 + 9 = 14
1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
2 x 3 x 6 = 36 --> 2 + 3 + 6 = 11
3 x 3 x 4 = 36 --> 3 + 3 + 4 = 10
දැන් මෙතනදි තමයි අපිට දෙවැනි සහ තුන්වැනි දත්තයන් ඕන කරන්නෙ. දෙවැනි දත්තය තමයි එකතුව ඉස්සරහ ගෙදර ජනෙල් ගානට සමාන වීම. අපිට ජනෙල් ගනන නොපෙනුනාට ගැහැනු දෙදෙනටම ඒක පෙනෙනව. ඉතින් එක ගැහැනු කෙනෙක් දත්තයක් අඩුයි කියන එකෙන් අදහස්වෙන්නෙ ගෙදර ජනෙල් ගනනට හරියන උත්තර දෙකක් හෝ වැඩි ගනනක් තියන බවයි.
1 x 6 x 6 = 36 --> 1 + 6 + 6 = 13
2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
ඒ කියන්නෙ ගෙදර තියෙන්නෙ ජනෙල් 13යි. මෙතන ඉදන් වැඩේ හරිම ලේසියි. එක්කො නිවුන් ලොකු පුතාල දෙන්නයි, නැත්නම් එල ලොකු පුතෙක් එක්ක නිවුන් පොඩි පුතාල දෙන්නයි. ඉතින් රතු කෙස් තියෙන්නෙ ලොකු පුතාට නිසා උත්තරය වෙන්නෙ 2 x 2 x 9 = 36 --> 2 + 2 + 9 = 13
2 - 2 - 9
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Subscribe to:
Posts (Atom)




















