Showing posts with label Airbus. Show all posts
Showing posts with label Airbus. Show all posts

Friday, June 8, 2012

රත්මලානෙ ඉදන් සිංගප්පූරුවට දොලදුක් කෑම පැකට් එකක්



මීට අවුරුදු දෙකකට විතර කලින් මට රාජකාරි වැඩකට ඕස්ට්‍රේලියාවට යන්න සිද්ද උනා. ඉතින් ටිකට් බුක් කරේ සිංගප්පූරුව හරහා යන්න. ඔය දවස්වල තමයි Airbus A380 ගුවන් යානය මුලින්ම ඇවිල්ල තිබුනෙ. සිංගප්පූරුව සහ මෙල්බර්න් අතරත් ඔයින් එකක් දිවුවා. මටත් ඕකෙම යන්න ඕන වෙච්ච නිසා ඒ විදිහට යන්න ගමන සෙට් කරගත්තා. වැඩේ උනේ එහෙම කරනකොට උදේ 6 ඉදන් රෑ 10 වෙනකම්ම සිංගප්පූරුවෙ ඉන්න වෙච්ච එකයි.

බැදගත්ත බෙරේ ගහන්නත් එපයි, මම එහේ ඉන්න යාලුවෙකුට කතා කලා දවල් වරුවෙ මොනව හරි කරන්න සෙට් වෙමු කියල. ඔන්න යන දවසෙ උදේ කෝල් එකක් එනව මචන් පොඩි පාර්සලයක් තියනව අරගෙන එන්න පුලුවන්ද කියල. මමත් ඉතින් ගොනා වගේ හා කියුව. ඔන්න රෑ 7ට විතර යාලුවගෙ නැන්දම්ම එනව තව සෙට් එකකුත් එක්ක ලොකු පාර්සල් 3ක් විතර උස්සගෙන. මම ඇහුව මොනවද කියල. බලනකොට කෑම වගයක්, දුව pregnant ලු.

මොනව කරන්නද, දොලදුක් කෑමක්නෙ. මම හා කියල බාරගත්ත. දැන් වැඩේ තමයි මේක ගෙනියන එක. මොකද මම ඕස්ට්‍රේලියාවට යන නිසා චෙක් ඉන්(Checked in) කරන බෑග් එක සිංගප්පූරුවෙදි එලියට ගන්නෙ නෑනෙ. ඉතින් ඒව ඕකෙ දාගෙන යන්න බෑ. අතේම ගෙනියන්න ඕන. ඊට අමතරව මගේ ඇදුම් දෙක තුනකුයි, ජර්සි එකයි ලැප්ටොප් එකයිත් තියනව.

මොනව කරන්නද ඉතින්, අතින් කටින් එල්ලගෙන ගියානෙ සිංගප්පූරුවට යනකම්.

හොදම වැඩේ කියන්නෙ මූ කෑම එක මගෙන් අරගෙන ගෙදර යන්න පිටත් වෙනකොට හවස 3 විතර උනා. ඒක කාල බඩේ අමාරුත් හැදුනද මන්ද.




Image Source: http://www.snurfy.com/hosted-id221-unique-lunch-packets.html

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments