Wednesday, May 15, 2013

ඇයි මල්ලි ලංකාවෙ HappyCow චීස් විකුනන්න බැරිද?



මේකත් පිටරට ගියපු වෙලාවක කතාවක්. මේ දවස්වල මතක් වෙන්නෙම ඒ වගේ කතානෙ.

ගිය මාසෙ දවසක සාජා යන්න උනා රාජකාරි වැඩකට. සාජා කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙ තියන කොටසක් බව දන්නව ඇතිනෙ. ඩුබායි, අබුඩාබි එහෙම තියෙන්නෙත් ඕකෙම තමයි.

දවස් 3කට ගියපු නිසා වැඩිය ඇවිදින්න උනේ නැතත් එක දවසක් රෑ කැම්පස් කාලෙ යාලුවෙකුත් එක්ක ඩුබායි පැත්තෙ රවුමක් යන්න පුලුවන් වුනා. දන්න කියන හැමෝම ඩුබයි වල චීස් ලාබයි කියපු නිසා මමත් ගියා චීස් ටිකක් ගන්න කියල සුපර් මාකට් එකකට.

ඇත්ත තමයි, චීස් පට්ට ලාබයි. ලංකාවෙ ගානෙන් තුනෙන් එකයි. හැපී කවු චීස් ටිකක් ගන්නෙයි කියල කල් ඉකුත්වීමේ දිනය බලන්න යට පැත්ත බැලුවම තමයි තරු විසිඋනේ. Not for sale in Sri Lanka. මේ මොකෝ බොලේ මේ??? විලි ලැජ්ජාවෙ බෑ....

ප.ලි.: ආරංචි විදිහට ලංකාවෙ හැපී කවු නියෝජිතයගෙ ඉල්ලීමක් විදිහටලු මෙහෙම  කරල තියෙන්නෙ අපේ අය්යල එහෙන් චීස් ගෙනත් ලොකු ලාබ තියන් මෙහේ විකුනනවට.

Image from google search.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

17 comments:

  1. පිරටවල කෑම කොච්චර ලාබද. ඒ අතින් මහ අවාසනාවන්ත රටක් මේක. චීස් එකේ වටිනාකමට වඩා ගෙවන්නේ කාළකන්නි නඩත්තු කරන්න.

    ReplyDelete
    Replies
    1. වැඩක් නැ කියලා මාතලන්. යකෝ කුඹුරක් අහටවත් දැකපු නැති එවුන් ඉන්න රටවල හාල් කිලෝ එක ලංකාවේ මිලෙන් 1/3 යි. අපි කනවා වගේ ගඳ ගහන හාල් නෙවේ බාස්මති හරි සම්බා හරි. දැන ගන්න ඔන්නනං ඔන්න මම ඉන්න රටේ බඩු කීපයක මිල ගණන් ලංකාවේ මුදලින් කීයද කියලා බලන්න 8.50 වැඩි කරන්න

      හාල් 3.50 හෝ 4
      පොල් 3
      සිනි 4.50
      පිටි 4
      බිත්තර 2
      ලුණු 250 3

      අපේ සල්ලි වලින් කාල බීලා අපිටම අරින අපිම පත් කරගත්ත උන්ට ජයවේවා කියලා තමයි කියන්න තියෙන්නේ

      Delete
    2. මොකක්ද රට මචන්..

      Delete
    3. වැඩි ඈත නෙවේ කලින් අපේම රටේ කැල්ලක් කියලා හිතපු අපේම මිනිස්සු ඉන්න රට.

      Delete
  2. ඇයි බන් පලතුරු.ඒවා බැලුවේ නැද්ද.,එහෙ පලතුරු ගොඩක් ලබයි බන් අනික හොද ඒවා.ලංකාවේ කන්න වෙන්නේ නෑනේ.මම යනකොට පොඩි උන්ට ගෙනියන්නේ ගොඩක් පලතුරු තමා.

    ReplyDelete
    Replies
    1. එච්චර වෙලාවක් උනේ නෑ. දවස් 2යි හිටියෙ...

      Delete
  3. ඉතින් ඒක මකලා විකුනනවනේ.... හයියෝ අදම ගේන්න ලක්ෂෙක විතර චීස්...

    ReplyDelete
    Replies
    1. මකල විකුනන්නෙ නෑ මම හිටන්නෙ. කොම්පැනියෙන් ගෙන්වන ඒව තායි මෙහෙ විකුනන්නෙ.

      Delete
  4. අනිත් එක තමයි මිදී වගේ ඒවා සුපෙර් මර්කෙට් එකේදිම කාල බලන්න පුළුවන්.. ගණන් වැඩි ඒවගෙන් කාල කාල ගණන් අඩු ඒවගෙන් 1kg විතර ගෙන්න පුළුවන්, ලංකාවේන් 250g ගන්න යන ගානට..

    ReplyDelete
  5. යකෝ අපිටමනෙ කෙලින්නේ මුන් ඔක්කොම!

    ReplyDelete
    Replies
    1. මොන ආන්ඩුවත් එකයි. ඇත්තටම ඕවට ටැක්ස් එකක් කීයක් වෙනවද මන්ද....

      Delete
  6. As I remember more than 75% of CIF Value

    ReplyDelete
  7. ඒ උනාට shj ඉඳල අපු එකෙක්වත් අපිට chese ගෙනත් දීල නැ ... :P

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. උපරිමයෙන් රසවිඳිය හැක. අතිශයින් ප්‍රයෝජනවත් ය. මෙයට සමගාමිව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලැබෙන දින 51 ක සහන කාලය grace period පිලිබඳ සරල පැහැදිලි විස්තරයක් ගෙන එමු. http://cardslanka.blogspot.com/p/51.html

    ReplyDelete
  10. නිරන්තරයෙන් යාවත්කාලීන වන අපගේ සේවය දැන් වඩාත් ඉහළ තලයකට රැගෙනවිත් ඇත. ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබ සතු යෝග්‍යතාවය මැන බලන්න! පිවිසෙන්න! http://cardslanka.blogspot.com/p/apply-credit-card.html

    ReplyDelete

Share/Bookmark

Recent Comments