Thursday, August 9, 2012

ඒ අම්මා අද ජීවත්ව සිටියානම්.....


මහ රෝහල අසලින් කලබලයෙන් දුවවිත් බසයට නැගුනු කෙට්ටු හීන්දෑරී තරුනයන් දෙදෙනෙකි.

1. මචං, උබ සිංදුවක් ලියන්න ඕන මේ දැන්මම.
2. මොන සිංදුද බං මේ වෙලාවෙ. අම්ම හොදටම ලෙඩවෙලා ඉස්පිරිතාලෙ.
1. ඒක තමයි මමත් කියන්නෙ, උබ දැන් අම්ම ගැන සිංදුවක් ලියන්න ඕන.


ඒ කියු අයුරින්ම ඒ ගීතය ලියවිනි. ගීතය ඇසීමට ඒ මෑණියන්ද වාසනාවන්ත වූවාය.

පලමුවැන්නා වෙන කවුරුවත් නොව වික්ටර් රත්නායකයන්ය. දෙවැන්නා ප්‍රේමකීර්ති ද අල්විස් ය.

ගීතය "ආදරයේ උල්පත වූ අම්මා" ය.







එදා මෙදා තුර මා අසා ඇති හොදම මවුගුන ගීතය මෙයවන අතර වික්ටර් රත්නායකයන් විසින් යොදන ලද මධුර තනුවද එයට බලපා ඇතැයි සිතමි.

පසු කලෙක වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගයකදී හැඩූ කදුලින් යුතුව ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මෑණියන් විසින් මුල්වරට අසන ලද බව කවුරුන් විසින් හෝ මෑතකදී ගුවන් විදුලියේ පවසනු ඇසීමි.

නමුත්, වැඩිහිටියෙකු වශයෙන් ඔබගේ ඇසුර ලැබීමට අපි පින් කර නැත්තෙමු.

පේමකීර්ති ද අල්විස් - ඔබ වෙනුවෙනි මේ සටහන.

ප.ලි.: වික්තර් රත්නායකයන් 'ස' සමාප්ත කරන අවස්තාවේ ඔබ ජීවතු අතර සිටියානම් යැයි මට බොහෝ වර සිතුනි.






Image Source: http://www.dinamina.lk/2011/08/01/_art.asp?fn=f1108014&p=1

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

4 comments:

  1. හරිම සංවේදී සින්දුවක්....මේ සින්දුවයි අබේවර්ධන බාලසූරියගේ පියානනී මා නැවත උපන්නොත් සින්දු දෙක අහනකොට පපුව නවතින්න වගේ එනවා...

    ReplyDelete
  2. hadawathata danena deyak denna e kale sindu walata puluwan una.

    ReplyDelete
  3. ''ප්‍රේමකීර්තිනී'' නමින් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණයට වගකිව යුත්තන් ගැන හෙළිකරමින් ලියා ඇති පොතෙහි නවතම(දෙවන) මුද්‍රණය දැන් පිටවී තිබෙනවා. ඒගැන නිර්මලා ද අල්විස් මහත්මියගෙන් අසා දැන ගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071-4531673

    ReplyDelete

Share/Bookmark

Recent Comments