Wednesday, November 30, 2011

සිරිමත් - කුමාරතුංග මුනිදාසයන්....




කුමාරතුංග මුනිදාසයන් ලියපු සිරිමත් කවි පංතිය මම පුංචි කාලෙ හරිම ආසාවෙන් රසවිදපු එකක්. නන්දා මාලිනිය එයාගෙ හදහාමි කැසට් පටයටත් මේ ගීතය ඇතුලත් කරා. හදහාමි කැසට් පටය ලගදි නැවතත් මිලදී ගන්න ලැබිච්ච නිසා මගේ ඒ මතකය ආයිත් අලුත් උනා...

Sirimath by vidulahasaranga

සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි


උදය ම පුබු දී
මුහුණට දිය දී
කුල දෙවි නම ඳී
ගේ දොර හම ඳී

පාඩම් කරන ට
පත-පොත ගෙන සි ට
සිත වෙන දෙය කට
නො හරී කිසි වි ට


වෙලාව  නො වැරැ ද
කෑමට ආ සඳ
ඔහුට වඩා සො ඳ
මහතෙක් කවරෙ ද


පා සල් යන්නේ
දෙව් ලොව මෙන්නේ
දැක දරුවන්නේ
මුහුණු පිපෙන්නේ


එහි කියැවීමට
ලි‍යුමට ගැණුමට
කවි ගී කීමට
දෙ වැනි ද කා හට


සෙල්ලම් පළෙහි ද
සිරිමතු දුටු සඳ
එනු එනු  ය යි සෙද
නොකියන්නේ කො ද


වැඩිහිටියන් හට
දන්වා නිසි කොට
කටයුතු කරනට
කැමයි ය හැම විට


නින්දට යන තැන
කුල දෙවි වඳිමින
කටයුතු පසු දින
සලකයි නුවණින


සොඳ දේ සිතුමත්
සිතු දේ කීමත්
කී දේ කැරුමත්
නො හරී සිරිමත්


මවු-පිය සහ ගුරු
නැ-දෑ සොහොවුරු
සැමට ම කීකරු
සැපතෙකි මේ ද රු











විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

15 comments:

  1. අපේ ජීවිතයටත් ආදර්ශ ලබා දුන්න, ළමා පරපුර යහ මගට යොමු කිරීමටත් උපකාර වන ඉතාම වටින නිර්මාණයකි. මේ ගීතය ඇහෙද්දි අපේ අම්ම මට කියනවා “ඔය කියන්නෙ පුතා ගැන“ කියල. ඒ කාරණය තාමත් අපේ හිත්වල තියෙනවා. අපේ ජීවිත සාර්ථක කරගන්න මෙවැනි යහපත් නිර්මාණ අතිශයින්ම උපකාර උනා. මෙය පල කළාට ඔබ තුමාටත් බොහොමත් ම පිං.

    ReplyDelete
  2. Replies
    1. වාහන නෙමි යකෝ

      Delete
  3. 😇😇🤣🤣💗❤💓💞

    ReplyDelete
  4. මේ කවි පංතිය තිබෙන පොතක් තිබේද? තිබේ නම් එහි නම කුමක්ද

    ReplyDelete
  5. Thanq thanq so much verry important it.❤️❤️

    ReplyDelete
  6. 😀 😀 😀 🥰🥰 🥰🥰 🥰🥰 🥰🥰 🥰🥰🥰🥰

    ReplyDelete
  7. Meveni nirmanayak internet eke pala kala obata bohomathma Tank you mokada meveni rasavindana ada ape daruvanta asanna nolebena nisa givithe hadaganna puluvan nirmanayak

    ReplyDelete
  8. වටින දෙයක්
    🌹🌹🌹🌹

    ReplyDelete

Share/Bookmark

Recent Comments