Sunday, March 13, 2011

කහ උණ එන්නත ගත්තාද??? - yellow fewer vaccine

මාතෘකාව දැක්කට බයවෙන එපා, මොකද ලංකාවෙ කහ උණ නැති නිසා...


හැබැයි ලංකවෙත් කහ උණ රෝගවාහක මදුරුවා ඉන්නව, ඉතින් කවුරුහරි රට තුලට රෝගය ගෙනාවොත් බඩුම තමයි.

ඔන්න ඉතින් මාතෘකාවෙන් පිට පැන්නනෙ. මම දන්න විදිහට අප්‍රිකාවට හරි දකුණු ඇමෙරිකාවට හරි යනවනම් අනිවාර්යයෙන්ම කහ උණ එන්නත අරගන්න ඕන. එන්නත ගත්තට පස්සෙ දෙන කාඩ්පත ගමන් බලපත්‍රය වගේම ලග තියා ගන්නත් ඕන. හදිස්සියෙවත් ආපහු එනකොට ඒක ලග නැත්නම් රට ඇතුලට එන එකනම් බොරු. මේක බොහොමයක් රටවලට යනකොට බලපාන නීතියක්.

ඔබ කහ උණ තියන රටකට යනවනම් ඊට දවස් 10කට පෙර එන්නත ලබාගන්න ඕන. එන්නත දෙන්නෙ බොරැල්ලෙ තියන වෛද්‍ය පරීක්ශන ආයතනයෙන්(Medical Research Institute - MRI). ඒක පිහිටල තියෙන්නෙ බේස්ලයින් පාරෙ රිජ්වේ ආර්යා රෝහල ඉදිරිපිට පාරෙ අනිත් පැත්තෙ. එන්නත ගන්න යනකොට ගමන් බලපත්‍රය සහ එහි පිටපත් 2කුත් ගුවන් ටිකට් පතත් ගෙනියන්නම ඕන. එන්නත සදහා රුපියල් 1350ක් අය කරනව. ගුවන් ටිකට් පතනම් ඕන මොකද කියල මට තේරෙන්නෙ නෑ. මොකෝ අපි ආසාවට යනවද ඕකට.

එන්නත ගැනත් දැනගත යුතු දේවල් කිහිපයක් තියනව. එන්නත ගත්තට පස්සෙ උණක් හැදෙන්න පුලුවන් සමහරුන්ට. අනිත් එක බිත්තර ඇලජික් අයට එන්නත ගහන්නෙ නෑ. ප්‍රධානම කාරනේ තමයි එන්නත අරගෙන දවස් 2-3 යනකම් මහන්සි වෙන්න හොද නෑ සහ අරක්කු සිගරට් බොන්න හොදත් නෑ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. මමත් ගත්තා ඔය එන්නත මම ඉතින් නෑවු රස්සාවනේ කොරන්නේ මටනම් CDC ඒක පෙන්නුවාම එන්නත ගන්න පුලුවන් වුනා

    ReplyDelete
  2. You can get this vaccination in Singapore without the airticket
    If you go to Singapore get it. Travel has to be after 1o days
    Validity is 10 years

    ReplyDelete

Share/Bookmark

Recent Comments