Sunday, February 6, 2011

ලගකදි සීනි බැලුවද? - FBS (Fasting Blood Suger)

ඔන්න අද උදේ සීනි චෙක් කොරගත්ත. ඇති යන්තන්, තියෙන්නෙ 97යි. අපි ඉතින් එක තැන ඉන්න ටිකක් ඇගත් බර කට්ටියනෙ.

මාස 6 කට සැරයක් වත් සීනි බලාගන්න එක අපි හැමෝටම හොද දෙයක්. විශේෂයෙන්ම එක තැන ඉන්න, සෙල්ලම් නොකරන මම වගේ අයට. මේ සදහා පැය 10 - 12 අතර කාලයක් නිරාහාරව ඉන්න ඕන. ඊට වඩා ඉදීමත් හොද නෑ මොකද රුධිරයේ සීනි මට්ටම ඕනවට වඩා ඒකෙන් පහල බහින්න පුලුවන් නිසා.

නිරාහාරව ඉන්න එක ගැනත් යමක් කියන්න ඕන. මොකද මෙතනදි වතුර බීමත් තහනම් නිසා. ඒකට හේතුවනම් ආමාශයට ජලය ආවම ආහාර ජීර්නය සදහා අවශ්‍ය එන්සයිම නිපදවී ඒකෙන් රුධිරයේ සීනි මට්ටමට බලපෑමක් වෙන නිසා. හැබැයි අවශ්‍යමනම් උගුරක් විතර බිවුවට කමක් නෑ.

ඉතින් හොදම විදිය තමයි රෑ 9 වෙනකොට රාත්‍රී කෑම අවසන් කර කලින්ම නින්දට යන එක. උදේ 8ට විතර ගිහින් රුධිර සාම්පලයක් දීල එන එක.

සාමාන්‍ය රුධිර ගත සීනි මට්ටම වෙන්න ඕන 65ත් 110ත් අතර අගයක්. ඒ අතර ඉන්නවනම් බයවෙන්න දෙයක් නෑ. හැබැයි 110ට කිට්ටුනම් ටිකක් පරිස්සම් වෙන එක හොදයි.

අවසාන වශයෙන් මේ පරීක්ශනයට යන්නෙ රුපියල් 250ක් අවට මුදලක්.

හැමෝටම සීනි අඩු ප්‍රතිපලයක්.....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

2 comments:

  1. මම නම් දවල් ආහාරය ගන්නේ නෑ.[කලාතුරකින් නොවැළැක්විය හැකි හේතුවකට හැර] උදේට හොඳට බත් කනවා. හවස ආපසු ගෙදර ඇවිත් බත් කනවා. සමහර දවස්වල හවස සෙල්ලම් කරන්නත් යනවා. මේ වෙනකම් කිසිම අමාරුවක් වෙලා නෑ.පැණි රසත් සාමාන්‍යයෙන් කනවා.. ටික කලෙකට පෙර සීනි පරික්ෂා කළා .. 72 යි. මේක නරකයි කියල අපේ ඔෆිස් එකේ එවුනුත් කියනවා.
    නමුත් මගේ පෞද්ගලික අදහස නම් මිනිහෙකුට හොඳින් ජීවත් වීමට දවසකට කෑම වේල් දෙකක් හොඳටම ඇති බවයි.
    ඔබේ අදහස දැන ගැනීමට කැමතියි.

    ReplyDelete
  2. ඔබ ආහාර වේලවල් අතර පරතරය වැඩිකරනවිට මම දන්න විදිහටනම් ශරීරය විසින් ගබඩා කරගන්නා ආහාර ප්‍රමානයත් වැඩි වෙනව. මොකද ඊලග කෑම එක ඇගට එනකම් ජීවත්වෙන්න එපයි. ඉතින් ශරීරය පුරුදු වෙනව ආහාර වැඩිපුර ගබඩා කරගන්න. ඒක පසුවට කරදර වෙන්න පුලුවන්.

    අනිත් එක ඔයාගෙ ඔය පුරුද්ද නිසා ගැස්ට්‍රයිටිස් වගේ රෝගයක් පහසුවෙන්ම ඇතිවෙන්න පුලුවන්.

    ReplyDelete

Share/Bookmark

Recent Comments