Monday, November 8, 2010

ඔබගේ ජංගම දුරකතනය නැතිවුනොත්...

ඔබ දන්නවාද දැන් ලංකාව තුලත් නැතිවූ ඕනෑම දුරකතනයක් සොයාගැනීමට පුලුවන්ය කියල. මගේ දුරකතනයත් ලගදි නැතිවුන නිසා තමයි මේක ගැන හොදින්ම දැනගන්න පුලුවන් වුනේ.

පලමුවෙන්ම පොලීසියට ගිහින් පැමිනිල්ලක් දාන්න. මතක තියාගන්න නැතිවුනා කියල මිසක් හොරකම් කලා කියල දමන්න එපා. IMEI අංකයත් පැමිනිල්ලට ඇතුලත් කරන්න.

පැමිනිල්ලෙ පිටපතක් ලබාගන්න. මේ සදහා දවස් කිහිපයක් ගතවෙන්න පුලුවන්. ඒකනිසා පැමිනිල්ල දමපු වෙලාවෙම පිටපතකුත් ඉල්ලා සිටින්න.

මීලගට කරන්න ඕන විදුලි සංදේශ නියාමන කොමිසමට ලිපියක් ඉදිරිපත් කරන එකයි. මෙම ලිපියෙන් තමන්ගේ දුරකතනයෙහි සහ තමාගෙ සියලු විස්තර ඇතුලත් කරන්න. IMEI අංකය තිබෙනවානම් වඩාත් හොදයි.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉතින් දුරකතනය ලැබෙනකම් මම වගේ බලාගෙන ඉන්න එක තමයි. හැබැයි මේ විදියට දුරකතන හම්බ වෙච්ච අයත් ඉන්නව කියල තමයි ආරංචියනම්.


දුරකතන හොරුන්ට කියන්න තියන දෙයනම් හොරකම් කලාට පාවිච්චි කරන්නනම් හිතන්න එපා කියල. ඕෆ් කරල ගෙදර තියාගෙන ඉන්න තමයි වෙන්නෙ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

1 comment:

  1. mobile උස්සන එවුන් ඒවා පාවිච්චි කරනවා අඩුයි බං..උං උස්සපු ගමන් mobile service කරන තැනකට විකුණනවා අඩු ගනන් වලට.ඊට පස්සේ spare parts වලට තමා.. TRC එකේ මාමල ඕක හෙයන්ඩ පටන් ගන්නකොට ඒ spare parts ටිකත් විකිනිලා ඉවර ෙවන්ඩ පුලුවන්..එ් හන්දා වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා

    ReplyDelete

Share/Bookmark

Recent Comments