Wednesday, December 3, 2008

කොලඹ යාචක ලෝකය

අද වෙබ් අඩවි කිහිපයකම පලවෙලා තිබුන කොලඹ ඉන්න යාචකයන් ගැන කෙරුනු සමීක්ෂණයක් ගැන. ඒකෙ මේවගේ කරුනු ටිකක් තමයි පලවෙලා තිබුනෙ.

ප්‍රධානතම දේ තමයි මේ යාචකයො 90% රජයෙන් හෝ වෙනත් සංවිධානයකින් කිසිම දෙයක් බලාපොරොත්තු නොවීම. ඒකෙන් පෙනෙන්නෙ ඒ අයට හොද ආදායමක් තියන බව තමයි. අපිත් ඉතින් කීදෙනෙකුට හිගමන් දෙනවද.....

සමීක්ෂණ වාර්තාව කියවනකොට තව තව වැදගත් දේවල් හමුවෙනව. එකක් තමයි යාචකයොන්ගෙන් 50%ක්ම තමන්ට නිවසක් ලබාදෙනවට කැමති නෑ. 84%ක්ම ඒ අයට කිසිවෙකු විසින් රැකියාවක් ලබාදෙනවට විරුද්දයි. ඒවගේම වැඩිදෙනෙක් කැමති තවදුරටත් යාචකයො විදියටම ඉන්න. වෙනස් වෙන්න කැමති ඉතා සුලු පිරිසක් විතරයි.

තව වැදගත් දෙයක් තමයි මේ යාචකයොන්ගෙන් ආබාධිත අය ඉන්නෙ 21%ක් විතරයි. අනික් 79%ම රැකියාවක් කරන්න පුලුවන් මට්ටමේ හොද තත්වයකින් ඉන්න අය.

තව වැදගත් තොරතුරු ගොඩක් එම වාර්තාවෙ තිබුන. යාචකයන් වයස අනුව වර්ග කිරීමක්, ජාතිය අනුව වර්හ කිරීමක්, ඒ වගේම යාචනයෙ යෙදෙන වේලාව අනුව වර්ග කිරීමක් ඒ අතර ප්‍රධානයි.

මටත් මේ සමීක්ෂණ සම්පූර්ණ වාර්තාව හොයාගන්න බැරිවුනා. නමුත් ඒක හුගක් සිත්ගන්නාසුලු වෙන්න ඕන. හොයාගන්න තියනවනම් කවුරුහරි සටහනක් දාන්න. නමුත් හිතන්න තියන දේ තමයි යාචකයො කොතරම් පොහොසත්ද කියන එක සහ ඔවුන් මෙහයවන්නෙ, ආධායම් ලබන්නෙ කවුද කියන එක.

මේ සටහන සංවාදයට විවෘතයි...

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

11 comments:

  1. මහාචාර්ය නන්දසේන රත්නපාල ජීවත් වෙලා ඉන්දෙද්දී ඒ මහත්මයා විසින් ලියන ලද ලිපියක් මට මතක් වෙනව. මට කරුණු ඔක්කොම මතක නැහැ. මතක ටික මම මෙහි ලියන්නම්.
    ලිපිය පලවුනේ දිවයින පත්තරේ.

    1. යාචකයින්ගේ සංගමයක් තියෙනව. ඒකෙ සාමාජිකයෙක් නෙවෙයි නම් හිඟා කන්න බැහැ. හිඟා කන්න ගියොත් හිඟා කෙසේ වෙතත් අනෙක් හිඟන්නන්ගෙන් ගුටි කන්න ලැබෙනව.

    2. සංගමය පාලනය කරන්නෙ ලොකු පොහොසත් මුදලාලිල.

    3. වෙන සංගම් වගේම සාමාජිකයො හොඳට බලාගන්නව. හිඟා කන තැන් යන උදවිය එහෙම නියම කරන්නෙ මුදලාලිල.
    දිවයින පත්තරේ පැරණි ඉරිදා පත්තර වල ඔය ලිපිය සොයා ගන්න පුලුවන් වෙයි. 2005 හෝ 2006

    ReplyDelete
  2. දැන් නම් ගොඩක් ඉන්නෙ (90%) බොරු කරල සල්ලි ගන්න හිඟන්නොනේ. හැම දාම එකම වෙලාවට එකම යාචකයො සෙට් එක තමයි මට නම් සෙට් වෙන්නේ. පවු කියල ඉතින් සල්ලි දෙනව පිනක් නිසා. අතේ මාරු සල්ලි නැති වෙලා සල්ලි දෙන්න බැරි උනොත් නම් සමහර එවුන් එක එක ඒව කියලත් යන්නේ හිමීට.ඒ වෙලාවට ඉතින් දෙන්න හිතෙනව .. හික් හික් හික් :D

    ReplyDelete
  3. මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් රචිත ශ්‍රී ලංකාවේ යාචකයා පොතේ අපූරුවට විස්තර කරල තියෙනව එතුමා යාචකයෙක් වෙලා හිටපු කාලෙ විඳපු අත්දැකීම්. පුළුවන් නම් ඒ පොත හොයාගෙන කියවන්න.

    ReplyDelete
  4. පුලුවන්නම් මේ සමීක්ෂණය ගැන සදහන් වෙච්ච වෙබ් අඩවිය සදහන් කරන්න පුලුවන්ද?

    ReplyDelete
  5. මම කියන්න දැනගෙන හිටිය දේ සරත් මහත්මයා කියලා තියනවා.. යාචකයෝ කියන්නේ අපි හිතන අයම නෙවෙයි

    ReplyDelete
  6. ඉස්සර දවස්‍වල ගාල්ල කොටුවේ හිටියා හිඟන්නෙක් කකුල් 2ම නැති. ඒ වුනාට මිනිහට ත්‍රීවීල් එකක් තියෙනවා.(ඒක අරන් තියෙන්නෙත් හිඟාකාපු සල්ලි වලින්ලු) ඒ ත්‍රීවීල් එක කුලියට දීල තිබුනේ වෙන කෙනෙකුට හයර් යන්න. උදේට කොටු දොරකඩටම ත්‍රීවිල් එකේ ඇවිත් හිඟාකාල හවසට ත්‍රීවීල් එකේ ගිහින් බාර් එකෙන් අරක්කු කාලක් අරගෙන යනවා.(කොටුවේ රස්සා කරන අය නම් මේ කතාව දන්නවා) සුනාමියෙන් පස්සේ නම් මිනිහව දැක්කේ නෑ.

    ReplyDelete
  7. ශකුන්තලත් කියලා තියෙන ප්‍රසිද්ධ සමාජ විද්‍යාඥ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සෑහෙන කාලයක් හිඟන්නෙකුවශයෙන් වෙස්වලාගෙන සිට ඉතා බැරෑරුම් සමීක්ෂණයක් කරලා තිබෙනවා. ඒසම්බන්ධයෙන් ඔහු පොතකුත් රචනාකර තිබෙනවා. පොතේ නම නම් මට හරියටම මතක නැහැ. ඒ පොතේ යාචයන්ගේ තතු ඇති සැටියෙන් තිබෙනවා.

    ReplyDelete
  8. සමහර හිඟන්නන්ට බංකු ගිනුම් පවා තියෙන්වලු. මේ වාර්තාව පලවුනත් , විදුල මේ ගැන ලිවුවත් මිනිස්සුන් හිඟන්නන්ට සල්ලි දෙන එක නවත්වන්නේ නම් නැති වෙයි. මොකද අසරණයන්ට උදවු කරන එක අපේ සමාජයේ මුල් බැස් ගෙන තියෙන හින්දා ..මේකෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ හිඟන්නන්.. ලොව ඕනෑම රටක හිඟන්නන් ඇති. ඇමරිකාවේ , ජපානයේ පවා මා දන්නා තරමට හිඟන්නන් ඉන්නවා..

    ඔය හිඟන මාෆියාවක් , නැත්නම් හිඟන මුදලාලිලා ඉන්නවා කියන එක නම් මිනිස්සු පිලිගනීවිද මන්දා ? මමත් ඔය ගැන අහලා තියෙනවා ..

    කොටින්ම මමත් ඔය ලිපිය කියෙව්වට පස්සෙත් හිඟන්නන්ට සල්ලි දුන්නා... :) ලංකාවේ තරම් හිත උණුවෙන මිනිස්සු කොහේවත් නැතුව ඇති.

    මම හිතන විදියට හිඟන්නන් උවදුරක් විදියට දැකලා ඔවුන්ව මැඩලීම තමයි කරන්න ඕනෙ. හිඟන්නන් ආරක්ශාවට පවා තර්ජනයක්... බලෙන් හරි ඔවුන්ව සුබසාදන වැඩපිලිවලකට යොමු කරන්න ඕනෙ බව මහේ ගැඟීමයි.

    @charith : This article is from lankaenews

    http://www.lankaenews.com/English/news.php?id=6776

    ReplyDelete
  9. ඔය යාචකයින්ට වඩා රජයේ සේවකයො හිඟන්නෝ

    ReplyDelete
  10. නන්දසේන රත්නපාල මහත්මයා ලියපු පොතේ නම "ශ්‍රී ලංකාවේ යාචකයා". නන්දසේන රත්නපාල මහතා තමා ලංකාවට සහභාගී නිරීක්ෂණය නම් පර්යේෂණ ක්‍රමය ගෙනාවේ. ඒ කියන්නේ පරීක්ෂණ ක්ෂේත්‍රයට තුළ ජීවත් වෙමින් පරීක්ෂණය කිරීම.

    හිඟන්නන්ගේ සංගම ගැන රත්නපාල මහතා ඔහුගේ පොතේ කිව්වට අවසාන කාලේ කළ පරීක්ෂණවලින් ඔහු කිව්වා 90 දශකයෙන් පසු මේ හිඟන සංගම් සංවිධාන සියල්ල බිඳ වැටී ඇති බව. ඒක හින්දා දැන් ඒවා නෑ.


    (මේ word Verifction අයින් කරනව ද)

    ReplyDelete
  11. ශ්‍රී ලංකාවේ යාචකයං හා දිලිඳුකම තුරං කරන්න සියලුම දෙනා රැපියල් 7 පොලවට දැම්මොත් පුලුවං වෙයි.චීන ෆෙං ෂුයි කලාව හා ලංකාවේ බහිරව පූජා විධික්‍රම වලිං උදව් ලබා ගත හැකියි.

    ReplyDelete

Share/Bookmark

Recent Comments