Saturday, May 28, 2011

අලුත් කටහඩක්, අලුත් තනුවක්, අහලම බලන්නකො...


චතුරි, මගේ කැම්පස් බැචියක්, ප්‍රථමවරට කරපු ගීතය තමයි මේ. අහල බලල ප්‍රතිචාරයක් දාල යන්න.

Seetha Pawanalla by ranGa Illeperuma


ගායනය: චතුරි දයානන්ද
තනුව: රංග ඉලේපෙරුම



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Saturday, May 14, 2011

වෙසක් සුබපැතුම්... Vesak Greetings...


ඔන්න වෙසක් එකට හැමෝටම බෙදාගන්න වෙසක් කාඩ් ටිකක් ගෙනාවා...






























































විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, May 13, 2011

රියෝ (Rio) බැලුවෙමි...

ඔන්න සිනමා ශාලාවටම ගිහින් ... බැලුව. කියල වැඩක්නෑ, බලන්නම ඕන ෆිල්ම් එකක්.



කතාව දිගහැරෙන්නෙ බ්ලු කියන නිල් පාට මැකෝ වටා. එයා ලින්ඩා කියන ගැහැනු ලමය ගාව සැපසේ හැදෙනව. ඒ අතරෙ තමයි දැනගන්නෙ ලෝකෙ ඉන්න ඒ වර්ගයේ එකම පිරිමි සතා බ්ලු කියල. ඉතින් බ්‍රසීලයේ රියෝ නුවර ඉන්න ඒ වර්ගයේ ගැහැනු සතෙක් එක්ක එක්කරන්න බ්ලුව එක්ක යනව. එතකොට වෙන සිද්දි සමුදාය තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.

පොඩි ලමයින්ට බලන්න කියාපු ෆිල්ම් එකක්. හොදට රසවිදින්න නම් චිත්ත්‍රපටි ශාලාවටම ගිහින් බලන්න ඕන.

ඉතින් ඉක්මනටම ගිහින් බලන්නකෝ....

http://en.wikipedia.org/wiki/Rio_(film)

http://www.imdb.com/title/tt1436562/


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, May 10, 2011

රෝස පොකුරක් දෙමුද තෑග්ගට....

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ බ්ලොග් සටහනක් ලියන්න ගත්තා....


අපේ ගැහැනු ලමයි හුගක් කැමතියිනේ රෝසමල් වලට. විශෙෂයෙන් තමන්ගෙ ආදරවන්තය හරි යහලුවෙක් හරි රෝසමල් පොකුරක් තෑගි දෙනවට.

අපි කී දෙනෙක් දන්නවද තෑගිදෙන රෝසමලේ පාටෙන් හුගක් දේවල් කියවෙන බව?


රෝස පාට - රෝසපාට රෝසමලක් යොදාගන්නෙ කවුරුහරි කරපු උපකාරයකට ස්තූතිය පලකරන්න.

සුදු පාට - මට යමෙක් සමග රහසක් බෙදාගන්න තියනවනම් හරි දැනටමත් ඔහු හෝ ඇය සමග රහසක් බෙදාගන්නවනම්.

කහ පාට - මිතුරුකම ප්‍රකාශ කරන්න.

රතු පාට - ආදරය.

ඉතින් කවුරුහරි ගැහැනු ලමයෙකුට තමන් ආදරය කරන පිරිමි ලමයා කහපාට රෝසමලක් එව්වොත් මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න පුලුවන් නෙ....



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, April 13, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා......!!!


ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
මූණු පොතේ අවුරුදු සුබපැතුම් වල මාව ටැග් නොකෙරේවා.
දුලිප් මෙන්ඩිස්ට ඉක්මනටම මොලේ පෑදේවා....


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Sunday, March 13, 2011

කහ උණ එන්නත ගත්තාද??? - yellow fewer vaccine

මාතෘකාව දැක්කට බයවෙන එපා, මොකද ලංකාවෙ කහ උණ නැති නිසා...


හැබැයි ලංකවෙත් කහ උණ රෝගවාහක මදුරුවා ඉන්නව, ඉතින් කවුරුහරි රට තුලට රෝගය ගෙනාවොත් බඩුම තමයි.

ඔන්න ඉතින් මාතෘකාවෙන් පිට පැන්නනෙ. මම දන්න විදිහට අප්‍රිකාවට හරි දකුණු ඇමෙරිකාවට හරි යනවනම් අනිවාර්යයෙන්ම කහ උණ එන්නත අරගන්න ඕන. එන්නත ගත්තට පස්සෙ දෙන කාඩ්පත ගමන් බලපත්‍රය වගේම ලග තියා ගන්නත් ඕන. හදිස්සියෙවත් ආපහු එනකොට ඒක ලග නැත්නම් රට ඇතුලට එන එකනම් බොරු. මේක බොහොමයක් රටවලට යනකොට බලපාන නීතියක්.

ඔබ කහ උණ තියන රටකට යනවනම් ඊට දවස් 10කට පෙර එන්නත ලබාගන්න ඕන. එන්නත දෙන්නෙ බොරැල්ලෙ තියන වෛද්‍ය පරීක්ශන ආයතනයෙන්(Medical Research Institute - MRI). ඒක පිහිටල තියෙන්නෙ බේස්ලයින් පාරෙ රිජ්වේ ආර්යා රෝහල ඉදිරිපිට පාරෙ අනිත් පැත්තෙ. එන්නත ගන්න යනකොට ගමන් බලපත්‍රය සහ එහි පිටපත් 2කුත් ගුවන් ටිකට් පතත් ගෙනියන්නම ඕන. එන්නත සදහා රුපියල් 1350ක් අය කරනව. ගුවන් ටිකට් පතනම් ඕන මොකද කියල මට තේරෙන්නෙ නෑ. මොකෝ අපි ආසාවට යනවද ඕකට.

එන්නත ගැනත් දැනගත යුතු දේවල් කිහිපයක් තියනව. එන්නත ගත්තට පස්සෙ උණක් හැදෙන්න පුලුවන් සමහරුන්ට. අනිත් එක බිත්තර ඇලජික් අයට එන්නත ගහන්නෙ නෑ. ප්‍රධානම කාරනේ තමයි එන්නත අරගෙන දවස් 2-3 යනකම් මහන්සි වෙන්න හොද නෑ සහ අරක්කු සිගරට් බොන්න හොදත් නෑ.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments