හප්පා, සෑහෙන්න දවසක් ගියා යාපනේ ගමනෙ තුන්වැනි කොටසට අත තියන්න. දැන් ඉතින් අපි නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් පටන්ගමු නේද. දෙවැනි කොටස බැලුවෙ නැතිඅය මෙතනින් යන්න.
------------------------------------------------------------------------------------
කලපුවෙන් එගොඩ වෙච්ච තැන ඉදන් දිගටම තියෙන්නෙ යුද්දයේ අන්තිම දවස් ටිකේ සුන්බුන්. කැඩුනු වාහන, ගෙවල්, කූඩාරම්, බෝම්බ වලවල් හැමදේම. ඒවගේම තමයි තම තමන්ගෙ ගෙවල්වල ඉතුරු වෙච්ච දේවල් ගලවගෙන යන්න ආපු විශාල පිරිසකුත් හිටිය. පරන යකඩ එකතු කරන අයත් ඒ අතර.
--
මේ හරියෙදි වාහනේ නවත්වල ඡායාරූප ගන්න නම් ඉඩ දෙන්නෙ නෑ හමුදාවෙ මහත්තුරු. හැබැයි බස් එක ඇතුලෙ ඉදන් ගත්තුව නම් කිහිපයක් තියනව.
මේ විදිහට තව කිලෝ මීටර 2ක් විතර ගියාට පස්සෙ ආපහු දකුනට හැරිල ගිහින් තමයි ෆාරා නැව ගාවට යන්න තියෙන්නෙ. හැරෙන තැන පොඩි මුර කපොල්ලක් තියනව සොල්දාදුවො කිහිප දෙනෙක් ඉන්න. එයාල හරි කැමතියි දකුනෙන් එන අය එක්ක ටිකක් කතා කරන්න, මොකද සිංහල වචනයක් වත් ඇහෙන්නෙ ඒ වෙලාවටනෙ.
ෆාර නැව ආසන්නයේ නම් ටිකක් පහසුකම් තියනව. ඒ කියන්නෙ සිසිල් බීමක් බොන්න කඩයක් (මම දැක්ක විදිහට නම් හමුදාවෙන් තමයි පවත්වාගෙන යන්නෙ ), භාවිතා කල හැකි මට්ටමේ වැසිකිලියක් වගේ දේවල්. තව එතැන මුහුදට ඉතාමත් ආසන්නයෙන් පිහිටල තියනවා ලිදක්, හැබැයි වතුර සම්පූර්නයෙන්ම මිරිදිය වෙච්ච. නැව බලන්න විතරක් එන හුග දෙනෙකුට මගහැරෙන දෙයක් තමයි ඒක.
ෆාරා නැවේ ඡායාරූප. අවාසනාවකට වගේ අර ලිදේ ඡායාරූපයක් නෑ මගේ ලග.
ෆාරා නැවේ සහ අපි ඉදිරියෙදි ගමන් කලයුතු A35 මාර්ගයේ සිතියම.
මේ ගමන්ම මුලතිවු වෙරල ගැනත් නොකියාම බෑ. ලස්සන නම් කියල වැඩක් නෑ. සුදුම සුදු වැල්ල නිල් අහසත් එක්ක මාර ලස්සනයි. හැබැයි තාම බිම් බෝම්බ ඉවත් කරල නැ කියල හැමතැනම ගහල තියනව. ඒ නිසා පරිස්සම් විය යුතුමයි.
මුලතිවු වෙරලේ ලස්සන
අදට ඇති, ඊලගට අපි යන්නෙ කොටින්ගෙ සබ්මැරීන් බලන්න.
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com