ඔන්න ඉතින් ලගදි දවසක අඹේවෙල පැත්තෙ යන්න අවස්තාවක් ලැබුන. ලස්සන ඡායාරූප ටිකකුත් ගන්න අමතක උනේ නෑ.
අඹේවෙල තියන වැදගත්ම දෙය තමයි ලංකාවෙ විශාලතම කිරි ගොවිපලවල් දෙක සහ පිටිකිරි කර්මාන්ත ශාලාව. මේවායින් නැරබීමට ඉඩ තියෙන්නෙ නවසීලන්ත ගොවිපල විතරයි. අඹේවෙල ගොවිපලයි පිටි කර්මාන්ත ශාලාවයි අපිට බලන්න විදිහක් නැහැ. හැබැයි අඹේවෙල අවට දර්ශන නම් මාරම මාර ලස්සනයි.
අඹේවෙල යන්න ප්‍රධාන මාර්ග 2ක් තියනව. හොදම පාර තමයි නුවරඑලිය නානුඔය පාරෙ ඇවිල්ල මගදි වම් අත පැත්තට තියන පාරෙ ගිහින් යන එක. මේ පාරෙ කොටසක් අඹේවෙල ගොවිපල මැදින් යන එක. ඒ පැත්ත මාර ලස්සනයි. අනිත් පාර තියෙන්නෙ නුවරඑලිය පස්සර පාරෙන් ඇවිල්ල මගදි දකුනට හැරිල යන්නයි.
පාරවල් දෙකම අඹේවෙල දුම්රිය ස්ථානය ලගදි එකතුවෙනව. එතන තියන තුන්වෙනි පාරෙන් රේල්පාර හරහා ගිහිල්ල කෙලින්ම ගියාම හෝර්ටන් තැන්නට යන්න පුලුවන්. දකුනට තියන පාරෙන් ගියාම නවසීලන්ත ගොවිපලට යන්න පුලුවන්.
ඉතින් ගිහිල්ලම බලන්නකෝ......
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Tuesday, April 20, 2010
Saturday, April 3, 2010
මිග උයන හෙවත් The Deer Park
පහුගිය සති අන්තයක ලස්සන හෝටලයකට යන්න අවස්ථාව ලැබුන. මතක ඇතිනෙ මම කලිනුත් කන්ඩලම හෝටලයෙ අසිරිය බෙදාගත්ත බව. ඉතින් මේපාර බෙදාගන්න යන්නෙ ගිරිතලේ තියන The Deer Park හෝටලයේ විස්තරයි.

The Deer Park කියන්නෙ කලකට ඉස්සර රජයට අයිතිවෙලා තිබුණු ගිරිතලේ නිවාඩු නිකේතනයට. දඹුල්ල, හබරන හරහා පොලොන්නරුව පාරෙ ඇවිත් මින්නේරියත් පහුකරල ඊටපස්සෙ හම්බවෙන ගිරිතලේ හන්දියෙන් දකුනට හැරිල ගිරිතලේ වැව් බැම්ම දිගේ ටික දුරක් යනකොට තමයි මෙතනට එන්න පුලුවන් වෙන්නෙ.
හෝටලයක් කියුවට සාමාන්‍ය හෝටලයක වගෙ කාමර මේකෙ නෑ. තියෙන්න පොඩි පොඩි ගෙවල් වගේ ඒව (Kabana). හැම ගෙයකම කාමර 2 - 4 ප්‍රමානයක් තියනව. බොහොමයක් තට්ටු දෙකේ ඒව. සමහර කාමරත් තට්ටු දෙක පුරාම විහිදෙනව. යට තියෙන්නෙ සාලය සහ නාන කාමරය, උඩ නිදන කාමරය. නාන කාමර බොහොමයකුත් විවෘත ව්දිහට තමයි හඩල තියෙන්නෙ. ඒ කියන්නෙ ඇතුලට ගියාම අහස පේනව. පොඩි පොඩි ගස් එහෙමත් වවල තියනව.

හෝටලයෙ තියන ලස්සනම දර්ශනය තමයි කාමරයෙන් එලියට ආවම ගිරිතලේ වැව පෙනෙන එක.

උදේට මෙතන වදුරන්ගෙන් පිරිල. හරි ලස්සන දර්ශන බලාගන්න පුලුවන්. ඒවගේම තැනින් තැන පොකුණුවල නිල් මානෙල් මල් පිපිල හරිම ලස්සනයි.

ප්‍රධාන පිවිසුම

ප්‍රවේශ ශාලාව (Lobby)

කෑම කාමරය

අවට දර්ශන

මගේ Flicker ගිණුමෙනුත් ඡායාරූප කිහිපයක් බලාගන්න පුලුවන්.

Labels:
Hotel,
Minneriya,
Polonnaruwa,
Sri Lanka,
පොලොන්නරුව,
මින්නේරිය,
විස්මයජනක,
ශ්‍රී ලංකාව,
හෝටල්
Subscribe to:
Posts (Atom)