Saturday, March 31, 2012

යුරේකා... යුරේකා... කුරේ ක්‍රීඩාංගනය හොයා ගත්තා...

මේ උදේ හවස වැල්ලවත්ත හරහා ගාලු පාරේ එහේ මෙහේ යන මමවත් කුරේ ක්‍රීඩාංගනය තියන තැන දැනගෙන හිටියෙ නෑනෙ. ඒකමනේ අපේ සංවිධායක මංඩලෙන් ප්‍රශ්න වගයකුත් ඇහුවෙ.

ඔන්න ඉතින් ඊයෙ පෙරේද දවසක වැල්ලවත්තෙ මාර්ග තදබදයෙන් බේරෙන්න අතුරු පාරවල් වලින් දාගෙන යනකොට කුරේ ක්‍රීඩාංගනය තියනව දැක්ක. හප්පේ කොහොමද මන්ද ඕක හොයාගත්තෙ. අන්තිම අස්සකනෙ තියෙන්නෙ. පයින් එන උන්දෙලටනම් බුදුසරනයි ඉතින්.

ඒ අස්සෙ මගේ කලින් ලිපිය බලපු මගේ මරණයත් ලින්ක් එකක් දාල ගිහින්. මේ තියෙන්නෙ ඒක.

http://g.co/maps/bzexc


ඉතින් ගාලු පාරෙ එනවනම් වැල්ලවත්තෙ සැවෝයි හොල්ට් එකේ, නැත්නම් පල්ලිය ගාව හෝල්ට් එකේ (දෙකම එකයි ) බහින එක තමයි හොදම මම හිතන්නෙ. එතන ඉදන් යන හැටි මම දන්න විදිහට මේකෙ ඇදල තියනව. ලේසි විදි තව තියනවද කියල නම් දන්නෙ නෑ.




එහෙනම් ඉතින් 22 වෙනිදට සෙට් වෙමු නේද?

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, March 28, 2012

දනහිස් දෙකම තුවාල වෙච්ච ගෑනුලමයෙක් දැක්කොත්?


පහු ගිය සතියෙ මම බස් එකේ වැඩටයනකොට දෙහිවල හන්දියට කලින් බස් නැවතුමේ ඉන්නව දැක්ක ටිකක් පෙනුම තියන උස ගෑනු ලමයෙක්. දැක්ක ගමන් ආපහු බලන්න හිතෙන පෙනුමක් තිබිච්ච නිසා මමත් බස් එකේ කවුලුවෙන් ආපහු සැරයක් බැලුව.


කෙට්ටුයි, උසයි, දන හිසට වඩා පොඩ්ඩක් කොට සාය. අඩි උස සපත්තු. හෝව්..  හොව්.. මෙන්න බොලේ දනහිස් දෙකටම පැලැස්තර දෙකක් ගහලා.


ඉතින් කොහොමද දනහිස් දෙකම එකම විදිහට එකම වෙලාවෙදි තුවාල වෙන්න පුලුවන්???

1. අඩි උස සපත්තු දාගෙන ගිහින් ඇදගෙන වැටිල.
2. වැලි පොලොවක දන ගහගෙන මොනව හරි කරන්න ගිහිල්ල.
3. ඇවිදිනකොට දැක්කෙ නැතිව මොකක හරි හැප්පිල.
4. ..... ..... ..... ....... (ලියන්න මොකක්ද මොකක්ද වගේ ඒවත් හිතට එනව)


කොහොම උනත් ඒ තුවාල දෙක එදා උදේ උන ඒව වෙන්න බෑ. මොකද එහෙම උනානම් අච්චර ලස්සනට පැලැස්තර ගහගෙන එන්න පුලුවන් වෙනවද. ඉතින් මම අහන්නෙ ඕක වැහෙන විදිහට දිග කලිසමක් හරි දිග සායක් හරි ඇදගෙන එන්න බැරිඋනේ මොකද ඔය ලමයට කියල.

තුවාලෙ අපිට පෙන්නන්නද? නැත්නම් වැඩකරන තැන කාට හරි පෙන්නන්නද? නැත්නම් අහවල් දෙයකටද?





ප/ලි: අපේ නෝන මහත්තයත් පහුගිය සතියෙ අලුත් සෙරෙප්පු දෙකක් ඔෆිස් දාගෙන ගිහින් පොඩි කරනමක් ගහල දනහිස තුවාල කරගෙන ආව. හොද වෙලාවට එක දනහිසකට විතරයි ප්ලාස්ටර් ගහන්න උනේ.


Image source: http://realztenisfanz.wordpress.com/2011/06/26/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, March 21, 2012

සයිබර් බක්මහ උළෙලට ප්‍රශ්න පත්තරයක්...

බක්මහ උලෙලට තියෙන්නෙ තව දවස් 31යි. ඉතින් සංවිධායක මන්ඩලයට පොඩි ප්‍රශ්න පත්තරයක් දෙන්න ඕන කියල හිතුව. මේ ප්‍රශ්න ඉතින් ඕකට එන්න බලාගෙන ඉන්න හැමෝටම ඇතිවෙන්න පුලුවන් ඒව.

1. කුරේ ක්‍රීඩාංගනය තියෙන්නෙ කොහෙද? (වැල්ලවත්තෙ බව දන්නව. වැල්ලවත්තෙ කොහෙද?)
2. වාහෙනේකින් ආවොත් (කාර් එකකින් වගේ) නවත්තන්න තැනක් තියනවද?
3. ඇදන් එන්න ඕන විශේෂ ඇදුම් තියනවද?
4. කීයක් අය කරනවද? ඒකට කන්න බොන්න එහෙමත් හම්බවෙනවද?
5. පුංචි ලමයෙක් ආවොත් කරන්න මොනව හරි තියේවිද? එතකොට අම්මල තාත්තල එහෙම ආවොත්?
6. ගෑණු ළමය එක්කන් එන්න පුලුවන්ද?
7. ඕනනම් කලින් යන්න පුලුවන් නේද?
8. වැඩිම උනොත් කීය වෙනකොට ඉවර වෙයිද?
9. මම නිර්මාංශිකයි. අවුලක් නෑ නේද?
10. DJ පාරක් එහෙමත් තියේවි නේද?

ඔන්න දීපල්ලකො බලන්න උත්තර.


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, March 16, 2012

අධ්වේගී පාර නිසා වැලේ වැල් නැතිවෙච්ච අයත් ඉන්නවද?


පහුගිය සතියෙ මම බස් එකේ මාතර යනගමන් කල්පනා කරේ ඉස්සර කාර් එකේ ගාලු පාර දිගේ මාතර යනවනම් අපි නවත්වන තැන් කොච්චර තියනවද කියල. අධ්වේගෙ ඇරියට පස්සෙ මම අඩුම ගානෙ 10 වතාවක් මාතර කොළඹ ගියා මගේ වාහනෙන්, හැබැයි එක පාරක් වත් කලුතර, අලුත්ගම, අම්බලන්ගොඩ හික්කඩුව හරහා ගාලු පාරෙන් නම් ගියේ නෑ.

ඉතින් මම කල්පනා කරේ ඔය මාතර කොළඹ පාරෙ ඉස්සර ගියපු කාර් වෑන් නතර කරපු කඩ, හෝටල් කොච්චර තියනවද? උදාහරනයක් විදිහට මම හුගක් දවසට මග්ගොන මෝනිස් එකේ නවත්තල මොනව හරි ගන්නව. සමහර දවසට රෑට කනවත් එක්ක. ඉතින් දැන් ඔය කඩවල බිස්නස් කොහොම වෙලාද මන්ද.


ඉතින් ඔය වැලේ වැල් නැතිඋනා කියල හිතන කඩවල ලැයිස්තුවක් හදන්න ඕන කියල මම හිතුව.

1. මග්ගොන මෝනිස්
2. මග්ගොන නිව් මෝනිස්
3. අලුත්ගම සිංහරාජ
4. කොස්ගොඩ ජාඩ් සමග බත් කඩේ
5. අම්බලන්ගොඩ පැරට් හන්දියේ කඩේ
6. රත්ගම තියන රෑ කඩ දෙක

ඉතින් මෙයාල සමහරුන්ට ගොඩ යන්න කරන්න පුලුවන් එක දෙයක් තියනව. ඒ තමයි අධ්වේග මාර්ගයෙ තියන තවම හදල ඉවර නැති හුවමාරු මධ්‍යස්තානයෙ කඩයක් අරින එක. නැත්නම් ඉතින් කඩේ මාතරින් එහා තැනකට ගෙනියන එක.

වැලේ වැල් නැති වෙච්ච තව කඩ තියනවද කියල මතක් කරල කියන්නකො බලන්න...


Image source : http://www.factsheet.diethelmtravel.com/srilanka/Lists/homepagenews/DispForm.aspx?ID=23

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Wednesday, March 14, 2012

මගේ අලුත් අවුරුදු තෑගි ලැයිස්තුව...


අලුත් අවුරුද්දක් එනකොට හැමෝම කරන්නෙ තමන්ට දෙන්න තියන තෑගිවල ලැයිස්තුවක් හදන එකනේ. ඒත් මම හිතුව අනිත් අය මට දුන්නොත් හොද දේවල් ලැයිස්තුවක් හදන්න. මට අවුරුදු තෑගි දෙන අයගෙන් 99%ක්ම මේක දකින්නෙ නැති උනත් හදිස්සියෙවත් දැක්කොතින් කියල හිතල තමයි මේ ලියන්නෙ.

හැම අවුරුද්දටම ඉතින් මට ලැබෙන්නෙ ටී ෂ්ර්ට් කිහිපයක්, ෂ්ර්ට් කිහිපයක්, සරමක්, කලිසමක් වගේ තෑගිනෙ. ඉතින් මේ අවුරුද්දෙ මට ලැබුනොත් වටින්නෙ මේ තියන දේවල් තමයි.

1. ඔෆීස් දාන්න හොද සපත්තු දෙකක්.
2. හොද හම් සෙරෙප්පු කුට්ටමක්.
3. Android ෆෝන් එකට GPS නැවිගේෂන් ඇප් එකක්.
4. අලුතින් නිකුත් කරපු මුල් දින කවර ටිකක්.
5. රිමෝට් කන්ට්‍රෝලර් එකකින් වැඩ කරන හෙලිකොප්ට්ර් එකක්.

දැන්නම් ලැයිස්තුව දිග වැඩිද මන්ද. අවුරුද්ද දවස වෙනකම් බලන් ඉදිමු නේද ඉතින් කවුරු හරි මේක කියවල මොකක් හරි අරන් දේවිද කියල.

අවුරුදු උත්සවේ දවසෙදි හමුවෙමු ඉතින්.



Image source : http://www.tiptoptens.com/2011/09/25/best-christmas-gifts-2011/

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, March 5, 2012

ශ්‍රී ලාංකිකයින්ට PR දීම ඕස්ට්‍රේලියානු රජය විසින් නවත්වයි?

මේක ඉතින් ජෝක් එකක් එහෙම නෙමෙයි.

දැන් බලන්න ඕස්ට්‍රේලියාවයි ලංකාවයි අතර ක්‍රිකට් තරගයේ වැඩිම දිරිගැන්වීමක් තිබුනෙ ලංකාවටනේ. මොකෝ ඔය හිටියෙ මැච් එක බලන්නම ලංකාවෙන් ගියපු අය නෙමෙයිනෙ. අනික වැඩිපුර හිටියෙ ඉගනගන්න ගිහින් එහෙම ඉන්න අයත් නෙමෙයිනෙ. ඔය ඔක්කොම වගේ දැනට ස්තිර පදිංචියට අවසර ලැබිල තියන, ලගදිම පුරවැසිබව ලැබෙන, නැත්නම් දැනටම පුරවැසියො වෙන කට්ටිය.

දැන් හිතල බලන්න ලංකාවෙ තියන ඔයවගේ තරගෙකට මෙහේ කට්ටිය ගිහින් ඕස්ට්‍රේලියාවට ආවඩන්න ගත්තොත් වෙන තත්වය? මට මතකයි අපි පොඩි කාලෙ පකිස්තානය මැච් දිනුවම අපේ ගෙවල් පැත්තේ තම්බි ටික රතිඤ්ඤා පත්තු කරනව. පස්සෙ සිංහල මිනිස්සුත් එකට එක කරන්න ගියපු නිසා ඒක නැතිවෙලා ගියා. ඕස්ට්‍රේලියාවතත් දැන් වේගෙන යන්නෙ ඕකම තමයි මට හිතෙන්නෙ.

මට දැන් තියන එකම ප්‍රශ්නය, මේ ලාංකිකයින්ගේ ළමයි ලොකු උනාමත් එයාල ඒ විදිහටම ලංකාවට චියර් කරාවිද? එයාල ඒ වෙනකොට ඕස්ට්‍රේලියානුවො වෙලා තියේවිද? නැත්නම් ක්‍රිකට් බලන එක නවත්වලා ෆුට් බෝල් (ෆුටි) බලන්න පතන් ගනීවිද?

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, March 1, 2012

ක්‍රොක් බන් කාල තියනවද?


මේක 2004දි විතර මොරටුව තක්සලාවෙදි වෙච්ච වැඩක්.

2004/2005 වගේ වෙනකම් මොර්ටුවෙ හිටපු කට්ටිය මැක් කැන්ටින් එක කියන්නෙ මොකක්ද කියල හොදටම දන්නව. ඒ කාලෙ මොරටුවෙ තිබුනෙ ගොඩ, වල, ගුල, එල් එක, මැක් එක කියන කැන්ටින් විතරයි, අපායෙත් එකක් තිබුනද මන්දා. අලුතින් මිකැනිකල් බිල්ඩිම හදනකොට කඩල දැම්මට මැක් කැන්ටිම හුගක් අයට සොදුරු මතක තියන තැනක්, විශේෂයෙන් දවල්ට ආදරය කරන්නයි රෑට බොන්නයි.


මම පුරුද්දක් විදිහට උදේට කන්න මැක් එකට ගියේ එතන නිදහස් නිසාත්, හොද බත් එකක්, ඉදි ආප්ප එකක් එතනින් කන්න පුලුවන් නිසාත්.

ඔන්න ඉතින් දවසක් උදේට කෑම ගන්න මම නෝන මහත්තයත් එක්ක මැක් කැන්ටින් එකේ පෝලිමේ ඉන්නව. මට ඉස්සරහින් ඉන්නෙ අපේම බැච් එකේ පේශකර්ම කරන කෙල්ලෙක්. පස්සෙ කාලෙක අපේ බැච් රෙපාගේ භාර්යාව උනේ එයා තමයි. (දැන් ඉතින් දන්න කට්ටිය දන්නවනේ කවුරු ගැනද කියන්නෙ කියල.)


ඔන්න ඉතින් එයාගෙ වාරෙ ආවම කැන්ටිමේ සීයගෙන් මොනව්ද ඉල්ලුව. සීයට තේරුනේ නෑ. ආයිත් ඉල්ලුව, ඒත් තේරුනේ නෑ. මමත් ඉතින් ඔන්න කන දාල බැලුව. "මට ක්‍රොක් බන් එකක් දෙන්න".

සීය බැරිම තැන කියුව, "කෝ දුවේ මට පෙන්නන්න මොක්කද ඕන කියල".

ඔන්න ඉතින් අපේ බැචී අත දික්කරල රාක්කයක කොනේ තිබුනු කිබුල බනිස් එකක් පෙන්නුව. මොනව කරන්නද ඉතින් අපි, යන්තන් අතින් කට වහ ගත්ත.


ප. ලි. : මට මේ කතාව මතක් උනේ අපේ කතන්දරගේ හාමිනේගෙ බඩු ලැයිස්තුව ... කතාව කියවල.

ප. ප. ලි. : අපේ ඔෆීසියේ මේවට ක්‍රොකඩයිල් සුගර් බන් කියලත් කියනව.





විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments